ඒඩ්ස් වැළඳුණු රූමත් කාන්තාවගේ
ඇසුරු ලැයිස්තුවේ
නළුවන් ව්‍යාපාරිකයින් සහ ජ්‍යෙෂ්ඨ ඇමතියෙක්
මීට ටික දිනකට පෙර කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන බව සැලවී තිබේ. මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට
වෛද්‍යවරුන්ට අවශ්‍ය වූයේ ඒ අයටද
පුද්ගලික කාරණාවක් වීමත් හා වෛද්‍ය ආචාර ධර්ම නිසාත් මෙම පුද්ගලයින් කවුරුන්ද යන්න මාධ්‍ය වෙත හෙළි කර නැත. කෙසේ නමුත් මේ ගැන පසුගිය සතිඅන්ත ජාතික පුවත්පතකින් ව්‍යාංගයෙන් හෙළිදරව්වක් සිදු කර ඇත.
එහි මෙසේ සඳහන් වෙයි.
‘වෙනත් බලවතුන් එහෙම ආශ්‍රය කළේ නැත්ද කියලා වෛද්‍යතුමා ප්‍රශ්න කළාම මඳක් පැකිලුණ තරුණිය දැනට ආණ්ඩු කරන එක්තරා මහ පක්ෂයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති පට්ටමක් දරන කෙනෙක්ගෙ නමත් කිව්වලු.
දැනට තනිකඩව වෙසෙන මේ දේසපාලුතුමා එන්නෙත් ඈත පළාතකින්. එයාගෙ විෂයත් ගමට සම්බන්ධයි. පවුලත් දේසපාලනේට ගෑවිච්ච අය... කොටින්ම කිව්වොත් එක්තරා දිසාවක නායකයෙක් හැටියටයි දැන් වැඩ කරන්නෙ කියලා අර සුන්දරිය කිව්ව බව ඒ රෝහලේ සේවකයෙක් දන්නවා.‘