කමක් නෑ ඇස්බැස්ටස් තහනම් නෑ
රුසියාවෙන් ගෙන්වමු - කැබිනට් තීරණයක්

2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එමෙන්ම ශ්‍රීලංකාවට

ආනයනය කරන ඇස්බැස්ටස් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර,ඒ සම්බන්ධයෙන්  කමිටුවක්ද පත්කර ඇත.

තත්වයෙන් නුසුදුසු ඇස්බැස්ටස් ආනයනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමටද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාකර තිබේ.

2018 වසරේදී ඇස්බැස්ටස් තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ 2015 අගෝස්තු 29 වැනිදාය.

ඇස්බැස්ටස් හරහා පිළිකා ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බව හඳුනාගෙන ඇති බැවින් රජය මෙම තීරණය ගන්නා බවද මෙහිදී ප්‍රකාශ විය.

ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමත් සමගම රුසියානු රජය ශ්‍රීලංකා තේ සඳහා පනවා ඇති තහනමද ඉවත්වනු ඇති බවද කැබිනට් මණ්ලයේදී අවධානයට ලක්ව ඇත.