ජෙරුසලම් ඡන්දයේදී ශ්‍රී ලංකාවෙන් නිර්භීත තීරණයක්
ඇමරිකන් අධාර නවතීද​?


ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයට එරෙහිව වූ යෝජනාවක් ඊයේ (දෙසැම් බර් 21) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඡන්ද විමසීමට ලක් කෙරුණා.
මෙහිදී රටවල් 128 ක් ඇමරිකාවේ තීරණයට එරෙහි බවට කැමැත්ත දුන් අතර රටවල් 9 ක් එරෙහි තීරණයට විරුද්ධ වුණා. රටවල් 35 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර රටවල් 21 ක් ඡන්දය මග හැරියා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඡන්දය මග හැරියේ නැහැ. ශ්‍රී ලංකාව ඇමරිකාවේ තීරණයට එරෙහිව
ඡන්දය ලබා දුන්නා.

මෙම ඡන්දය පැවැත්වීමට පෙර ඇමරිකා එක්සත් ජනපදය ඉතාමත් තර්ජනාත්මක ස්වරයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ඇමතූ බව ප්‍රකට කරුණක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නියෝජිත නික්කි හේලි සාමාජික රටවල නියෝජිතයන්ට තර්ජනාත්මක ලිපියක් යැවූ අතර පසුව ඇමරිකානු ජනාධිපතිවරයා ද තමන්ට එරෙහි වන රටවලට ආධාර ලබා දීම නවත්වන බව කියා සිටියා.
ඇතැම් රටවල් ඡන්දය මග හැරියේ එම තර්ජනය නිසා යැයි සැක මතුව තිබෙනවා.
කෙසේ නමුත් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුලු තමන්ට එරෙහි වූ රටවලට දෙන ආධාර කපා හරීද යන සැකය දැන් මතුව තිබෙනවා.