අපූරු හේතුවකට පිටස්තර කාන්තාවක
මැගසින් බන්ධනාගාර සිරකරු සමග සිදු කළ නිර්භිත විවාහය
කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී ඊයේ (07) සිදුවූ විවාහය සුවිශේෂි එකකි. අවුරුදු 37 1/2 ක සිර දඬුවමක් විදිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ 41 වන වියේ පසුවන බාහිර කාන්තාවකි. මෙය විවාහයකටත් එහා ගිය නිර්භිත කාන්තාවකගේ කතාවකි.
මෙම විවාහය විශේෂ වන්නේ සිරගතවුවකු සමග විවාහ දිවියට පිවිසීමේ නානාප්‍රකාර බාධා බිඳගෙන අපූරු හේතුවක් මත
මෙම විවාහය සිද්ධ වීමයි.බන්ධනාගාරවල
නමින් ස්විටි ෂෙලින් ෂමිලා බක් නම් වු මෙම මනාලිය විවාහ වූයේ සෙනරත් බන්දුල ලියනාරච්චි සමගයි.මැගසින් බින්ධනාගාරය තුළ දී සිදුවු ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට් එය ආවරණය කරන්නව අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටත දී ය.
රටේ සියලූම බන්ධනාගාරවල රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නව ඇයට හේතුවක් නැති බවකි. බිරිඳ වූයේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඔහු පවසා ඇත්තේ ෂමිලා අපහසුවට පත් කරන්නටය. එම අභියෝගය භාර ගත් ෂමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය ඔහු හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී. එබ්. ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය.
අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය ලැබිණි. මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන් ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වුයේ ඒ අනුවය. බන්ධනාගාර බලධාරින් බන්ධනාගාරය තුළට මනාලිය ගෙන්වා ගත්තේ පවුලේ ඥාතින් මෙන්ම ඇයගේ ආභරණ ඇතුළු ආයිත්තම් රැගෙන ආ කාන්තාවට ද එහි ඇතුළුවීම් තහනම් කරමිනි. තම මනාලයාට මේ විශේෂ අවස්ථාවේ පවා අඳින්නට දී තිබුණේ උසාවි ගෙන යන විට අඳින සරම් හා බෑනියම් පමණක් බව විවාහයෙන් පසු බන්ධනාගාරයෙන් පිටත දී මාධ්‍ය ඇමතු ෂමිලා පැවැසුවාය.
"මේ මගේ විවාහය අවස්ථාවේ ඡායාරූපයක් ගන්න දුන්නේ නැහැ. මගේ විවාහ ඡායාරූපය මගේ අයිතියක්. විවාහය රෙජිස්ටර් කළ රෙජිස්ට්‍රාර් මහත්තයා. එතුමාගේ දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒකත් මකන්න කිවුවා. කිසියම් ඥාතියෙකුට ඇතුළට එන්න දුන්නෙත් නැහැ. මේ වැඩේ අවුල් කරන්න විවාහය නොකෙරෙන තැනට ගෙනෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. මාධ්‍යයට එන්න නොදුන්නා විතරත් නොවෙයි. හැම පැත්තෙන්ම අවුල් කරන්න හැදුවා. ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා. ඒකට යටින් ගහන්න ඕන ‘නිලධාරින් අමනුෂ්‍යයෝය’ කියලා.
මේ නඩුවේ සාක්ෂිකාරයෙක් වුණ දවසේ ඉඳලා ඔහු අනුරාධපුරයට, කුරුවිටට මාරු කරනවා. අනුරාධපුර සිට මැගසින් බන්ධනාගාරයට ගේන්නේ බන්ධනාගාර බස් එකේ හිටගෙන.
අද සිට ඔහු මගේ ස්වාමි පුරුෂයා. අදින් පසු ඔහුට ඇඟිල්ලක් හෝ උස්සල තිබුණෙත් බලාගන්නවා. කොහොම වුණත් මම වාසනාවන්ත බිරිඳක්. මට හොඳ නිර්භීත සිංහලයකුගේ බිරිඳ වෙන්න වාසනාව ලැබුණා.” ඇය කීවාය.