ටීවී එකේ දිනුම් ඇදීමට ඇවිත් අත්සන් කළා කියා
ජාතික ලොතරැයි ලොක්කන් කෝටි ගණන් සාක්කුවෙ දාගෙන
ජාතික ලොතරැයි මණ්ඩයේ ඉහළ කළමනාකාරීත්වය මේ වසරේ මුල් මාස 10ක කාලයේදී ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක්‍රමවේදයක් යටතේ රුපියල් මිලියන 8.1ක මුදලක් ලබාගෙන (ආසන්න වශයෙන් රුපියල් 8,146,750) ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලොතරැයිපත් මිලදී ගන්නන් නොව මෙම පිරිස් එක් රැයෙන් මිලියනපතියන් බවට පත්ව ඇතැයි ද
එම ආරංචි මාර්ග කියයි.
මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායවලින් එකක් වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය මේ අයුරින් ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක්‍රමවේදයක් යටතේ අති විශාල මුදල් කන්දරාවක් ලබාගෙන තිබේ.
ඔවුන් මෙම මුදල් ලබාගෙන තිබෙන්නේ පැයකටත් අඩු කාලයක් පවතින දිනුම් අදින අවස්ථාවේ නිරීක්ෂක
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලයේදී සභාපතිවරයා සහ අධ්යක්ෂවරුන් සිව්දෙනකු රුපියල් මිලියන 8.1ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් 8,146,750ක්) ලබාගෙන ඇත. එක් අධ්යක්ෂවරයකු අදාළ මුදල ප්‍රතික්ෂේප කර ඔහුට ලැබුණු එකම රුපියල් 100,000ක මුදල ජාතික ලොතරැයි මණ්ඩයේ නිවසක් නොමැති දරුවන් ද සිටින සේවකයකුට ලබා දී ඇත.
සම්පූර්ණ මුදල වෙන වෙනම සලකා බැලීමේදී සභාපතිවරයා මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් මිලියන 1.36ක් මුදලක් ලබාගෙන ඇති අතර ඒ කි‍්‍රයාකාරී අධ්යක්ෂවරයකු ලබාගෙන ඇති මුදල් රුපියල් මිලියන 2.3 (ආසන්න වශයෙන් 2,355,500) ඉක්මවා ගොස් තිබේ.
අනෙකුත් අධ්යක්ෂවරුන් තිදෙනා රුපියල් 1,407,250, රුපියල් 1,395,000 ක් සහ රුපියල් 1,629,000ක් ආදී වශයෙන් ලබාගෙන තිබේ. කළමනාකරුවන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය ලබාගෙන ඇති මුදල් කන්දරාව රුපියල් මිලියන 41 (ආසන්න වශයෙන් රුපියල් 41,711,250) කි.
මෙලෙස ලබාගෙන ඇති මුදල් පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට ලැබී තිබෙන අතර එය මුදල් අමාත්‍යාංශය නිලධාරීන්ගේ ඇස්ගෙඩි උඩ යෑමක් හේතු වූ බව ද වාර්තා විය. ඇතැම් අවස්ථාවලදී ‘දිනුම් ඇදීම් දීමනා’ ලබාගෙන ඇත්තේ දෛනික දිනුම් ඇදීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් සහ අදාළ ලේඛනවලට අත්සන් තැබීමෙන් පමණක් බව ද මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී දිනුම් ඇදීම් කි‍්‍රයාවලිය මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණයට ගෙනෙන නව ක්‍රමවේදයක් හඳුනාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙවැනි ‘දිනුම් ඇදීම් දීමනා’ ක්‍රමවේදයක් අනෙක් ලොතරැයිවලට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක කරන නොවන බව ද වාර්තා වේ.