රොෂාන් පිලපිටිය
ළාබාල නිළි රිද්මා සමග යුග දිවියට
පසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු රොෂාන් පිලපිටිය විවාහ දිවියට ඇතුළත්ව තිබේ 42 හැවිරිදි ඔහු විවාහවී ඇත්තේ රිද්මා සුබසිංහ (ලියා) නමැති 22 හැවිරිදි ඔහුට වඩා බෙහෙවින් ළාබාල තරුණ නිළියක සමගිනි.
මහනුවර ගම්පළාත කරගත් රොෂාන්ගේ නව බිරියද මහනුවර පදිංචිව සිටි අයෙකි.ඇය 2015 ලී ක්වීන් රූප රාජිනිය ලෙස කිරුළ දරා ඇති අතර 2016 වසරේ අවුරුදු කුමාරි තරගයකටද පෙනී සිට ඇත.
මේ වනවිට මහරගම පිහිටි
රොෂාන්ට අයත් නිවසේ මේ දෙදෙනා
රොෂාන් පිලපිටිය මින් ඉහත විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් මේවනවිට ටෙලි නළු ගයාන් සමග එක්ව කල්ගත කරන අතර
චතුරිකා රොෂාන් වසර 9 ක් පමණ එකට සිට වෙන්වීම පසුගිය කාලයේ මාධ්‍ය තුළ රැව්පිළිරැව් දුන් සිද්ධියක් විය.
අනතුරුව රොෂාන් ජනමාධ්‍යවේදිනියක හා පෙමින් වෙළී සිටි බවට කටකතා පැතිරිණි. කෙසේ වෙතත් අවසානයේ ළාබාල රුවැත්තියක වන රිද්මා සමග ඔහු විවාහවී තිබේ.
මේ දෙදෙනා කලක් තිස්සේ පෙමින් වෙළී සිට මේ ආකාරයට විවාහවී ඇති බව වාර්තාවේ. වරින්වර ලබාගත් ඡායාරූප එකතුව පහතින්