මෛත්‍රි රනිල් ඊයේ රෑ රාජිතගේ ගෙදරදි 
කළු කෝපි බීලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, මුහුණට මුහුණ සාකච්ඡාවක් ඊයේ (29) රාත්‍රීයේ දී පවත්වා තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ නිළ නිවසේදීය.
එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට
රජයක් ලෙස ඒකාබද්ධව

මුහුණ දීමට සාකච්ඡා කර තිබේ.
තවද එම විශ්වාසභංග යෝජනාවෙන් පසු පක්ෂ දෙකම ඒකාබද්ධව රජය ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙල පිළිබදව ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

විශ්වාස භංග යෝජනාවට ශ්‍රීලනිපයේ සහායක් නොලැබෙන අයුරක් මේ අනුව පෙන්නුම් කර තිබේ.

පැය 4 කට අධික කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාව, නිමව ඇත්තේ රාත්‍රී 11.30 ට පමණ පසුවයි.
මෙම නායකයින් දෙදෙනාටම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලබා දෙන ලදී.
ඒ වගේම අග්‍රාමාත්‍යවරයා බෙහෙවින්ම ප්‍රිය කරන කළු කෝපි ද, සුජාතා සේනාරත්න මහත්මිය විසින්ම සකස් කර පිළි ගැන්වීම විශේෂත්වයකි.