මුලතිව් යෝධ පක්ෂියා 
අද්භූත ලිහිණියෙක්ද?


මුලතිව් මුහුදට සමාන්තරව 24 දා සවස යෝධ පක්ෂියකු පියාසර කොට ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මෙම යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹනු ධීවරයින් වාර්තා කර තිබුණි.
කිසිදු ධීවරයෙකු මින් පෙර දැක නොමැති
මෙම පක්ෂියා අද්භූත සත්වයෙකු යයි

තැන තැන අදහස් පළ විය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්‍රිතව බොහෝ වෙනස්කම් සිදුවන බවත් මුලතිව් මුහුදට සමාන්තරව පියාසර කළ යෝධ පක්ෂියා එහි තවත් එක් දසුනක් වන බවත් ඔවුන් දන්වා තිබේ.
මේ දක්වා මෙම පක්ෂියා පිළිබඳ කිසිවෙකු පැහැදිලි කර නොමැත.