දන්වා ඇත.
ඔහු ටීඑම්ඉසෙඩ් නැමති වෙබ් අඩවියට ප්රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ තමාට හෘද රෝගී තත්වයක් පවතින නිසා එදින උත්සවයට සහභාගී නොවන බවයි.
විශේෂිත කාරණාව වන්නේ මෙගන් හැරී රාජකීය
ඔහු වෙබ් අඩවි වෙත මෙගන් හා ඔහු සිටින පැරණි ඡායාරූප නිකුත් කිරීම ගැන රැජිණ කුපිතවී ඇතැයිද පසුගිය දිනවල වාර්තා පළව තිබුණි.
පසුගිය කාලයේ එංගලන්තයේ ඇතැම් ඕපාදූප පුවත් වෙබ් අඩවි වාර්තා කළේ ඇමරිකානු නිළියකවූ මෙගන් එරට යහපත් පවුල් පසුබිමකින් පැවත නොඒම ගැන රජ පවුල කලකිරී සිටි බවකි. මෙම විවාහයට රැජිණ චාල්ස් කුමරු හෝ කිසිවෙකු විරුද්ධත්වය පළ නොකළද එයට කැමැත්තකින් පසු නොවූ බවටද වාර්තා පළව තිබුණි. තෝමස් මාර්කල් යනු හොලිවුඩ් සිනමා නිර්මාණ වල කලා අධ්යක්ෂණය ආලෝකකරණය වැනි තාක්ෂණික අංශ වල නියුතු ශිල්පියෙකි.
ඔහුගේ මුල් විවාහය වසර 11 කින් අවසන් විය. ඔහු වෙන කසාදයක් කරගත්තේය. මුල් විවාහයේ ඔහුට මෙගන් දියණිය ලද අතර දෙවන විවාහයේදී සමන්තා ලෙස තවත් දියණියක ලැබුණි.
මෙගන් මාර්කල් හැරීව විවාහ කරගන්නේද සිය දෙවන විවාහය ලෙසිනි.
කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා මෙගන්ගේ පියා ගෙන් වෙන්ව වාසය කරන මෙගන්ගේ මව වන ඩොරියා රැග්ලන්ට් එක් වනු ඇත.