අවසරයකින් තොරව පොල් ගස් කැපීමට නොහැකිවන සේ ගස් හෙලීමේ (පාලන) පනතට පොල් ගස ද එකතු කිරීමට රජය සූදානම් වේ. මේසඳහා අවශ්‍ය කටයුතු මේවන විට අවසන් වෙමින් ඇතැයි වැවිලි කර්මාන්ත
අමාත්‍යංශ ලේකම් ජේ.ඒ. රංජිත් ප්‍රකාශ කළේය.
ඒ සඳහා අනුමැතිය ලබා
දැනට ගස් හෙලීමේ (පාලන) පනත ට අනුව කපා බිම හෙලීමට අවසර ලබාගත යුතු කොස්, රටදෙල්, ගැහැණු වර්ගයේ තල්ගස් යන ගස් අතරට පොල් ගස ඇතුළත් කරන ලෙස ඔවුන් කළ ඉල්ලීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා එකඟවී තිබේ.