හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක් මෝවරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපුරු පුවතක් පිළිබඳව වාර්තා වේ.
පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක් උදරයේ ආබාධයක් හේතුකොට ගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී වෛද්‍යවරු විසින් එම රෝගී කාන්තාව පරීක්ෂා කර බලා අනතුරුව හෙදියක් විසින්
ඉන් අනතුරුව එම කාන්තාව මියගිය පුවත රෝහලේ සිටි ඥතීන් ඔවුන්ගේ සෙසු ඥතීන්ටද සැලකර තිබිණි. මෙසේ සියල්ල සිදු වූ අතර සාමාන්‍යයෙන් මියගිය රෝගියකු මෝචරියට දැමීමට පෙර පැයක් හෝ ඊට වැඩි වේලාවක් රෝගී ඇඳමත තබන අතර මෙම කාන්තාවද එලෙස තබා අනතුරුව මෝචරිය වෙත ට්‍රොලියක ආධාරයෙන් රැගෙන යැමේදී මියගියා යැයි වෛද්‍යවරු පැවසූ කාන්තාවගේ පාදයක් සෙලවෙනු දැක ඇයගේ ඥාති සහෝදරියක් කෑගයා මෝචරියට දමන එක වළක්වා ඇත.
අනතුරුව එම රෝගියා ඥතීන්ගේ භාරයට ගෙන නිවසට කැටුව ගොස් පෞද්ගලික ප්‍රතිකාර සඳහා මේ වන විට යොමුකර ඇති බවත් ඇයගේ තත්වය එතරම් සතුටුදායක නොවන බවත් ඥතීහු පවසති. කෙසේ වෙතත් වෙද්‍යවරුන් මෙලෙස මිනිස් ජීවිතත් සමග සෙල්ලම් කිරීම පිළිකුල් සහගතව හෙලාදැකිය යුතු නොවේද.
හෝමාගම රෝහලේ ඇතැම් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයන්හි වගකීමකින් තොර ක්‍රියාකලාපය ගැන ප්‍රදේශයේ ජනතාව දැඩි නොසතුට පළකරති.