සුගියදා මැලේසියාවේ පැවති මහමැතිවරණයෙන් එරට පාලකයා ලෙස අගමැති මහතීර් මොහොමද් යළි බලයට පත්වීමෙන් පසු ඒ දක්වා දූෂණ චෝදනා ලබමින් රට පාලනය කළ හිටපු අගමැති නජීබ් රසාක්ට රටින් පිටවයාමට නොහැකි ලෙස ගුවන්තොටුපළ අවහිර කර ඔහුගේ වත්කම් සම්බන්ධ සියලු දූෂණ කඩිනමින් පරීක්ෂාවට ලක්කිරීම මේ දිනවල සිදුවේ.
ඒ අනුව ක්වාලාලාම්පූර් නුවර පිහිටි ඔහුට අයත් යයි සැලකෙන සුඛෝපභෝගී නිවසක්
ඊයේ පරීක්ෂාවට ලක් කිරීමේදී

රන් ආභරණ, වටිනා භාණ්ඩ සහ මුදල් පිරවූ පෙට්ටි 284 ක් සොයාගන්නට එරට පොලිසියට හැකිව ඇත. එම පෙට්ටිවල අත්බෑග් තුළ අසුරා ඒවාට මුදල් දමා තිබූ බවත් ඒවා වෙනවෙනම සෝදිසි කිරීමට අල්ලස් නිලධාරීන් කටයුතු කළ බවත් එරට පුවත් වාර්තා සඳහන් කර තිබෙයි.

මේවා තුළ විවිධ රටවලින් ඔහු උපයාගත් කළු සල්ලි තැන්පත් කර තිබුණ අතර ශ්‍රී ලංකා මුදල් ලක්ෂ 30 ක් තිබීමද විශේෂිතය.ඒවා කවර අරමුණකින් කවුරුන් ඔහුට ලබාදුන් ඒවාදැයි තවම හෙළිකරගෙන නැත.
හිටපු අගමැනිවරයාට අයත් සුඛෝපබෝගී නිවාස කිහිපයක් ක්වාලාලාම්පූර් නුවර ඇනි අනර, එම නිවාස සියල්ල මේ වනවිට සෝදිසි කෙරෙමින් පවතින බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මහ මැතිවරණයෙන් පරාජයට පත් වුණු අවස්ථාවේ. නජීබ් රසාක් වෑන් රථයක් යොදා ගනිමින්, අගමැති නිල නිවසින් භාණ්ඩ රැසක්, ඔහුගේ නිවසකට ගෙන ගිය බවට ලැබුණ ඔත්තු නිසා පොලිසිය හිටපු අගමැතිවරයාගේ නිවාස සෝදිසි කිරිම අරම්භ කරන ලදි.
මහ මැතිවරණයේදි නජීබ් රසාක්ට ප්‍රබල පරාජයක් අත්වුයේ, මැලේසියා සංවර්ධන අරමුදලින් මුදල් ගසා කෑ බවට එල්ල වූ චෝදනා මුල්කොට ගනිමිනි. ඊට අමතරව තවත් අල්ලස්
චෝදනා රැසක්ද මුදල් විශුද්ධිකරණ චෝදනා ද හිටපු අගමැතිට හා බිරිදට එල්ල වී ඇත. පරීක්ෂණ තවදුරටත්  සිදුවේ.