![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiasZZ4P0KQm3IFytOWrR7IQz9ZyjebQNge1UdR_rbISphl37z9OwQq0cw6HmCiG7lE2H7ijYe2jlBUxnOelDdXLa6_1fPE2gw9pFWmQUKAv9pCxI8uvtg5_gqWu1tx8gl3L3xhLh812c/s1600-rw/collage.png)
ඔහුද දිවිනසාගැනීමේ අටියෙන් ළිඳට පැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
පසුගිය ජනවාරි මාසයේදී 24 හැවිරිදි සුධාර විවාහවී සිට ඇත්තේ සුමුදු ජයරත්න නමැති 27 හැවිරිදි කාන්තාවක සමගයි. විවාහය පැවති මාස 4 ක කාලය ඔවුන් දැඩි ආරවුල් මැද ගෙවා තිබේ. 2 වනදා සන්ධ්‍යා කාලයේ ඇතිවූ ආරවුලේදී ව්‍යායාම කිරීමට භාවිත කරන “ඩම්බෙල්" එකකින් කළ පහර දීමකින් බිරිය ජීවිතක්ෂයට පත්වී තිබේ.
බිරියට පහරදීමෙන් අනතුරුව සැමියා දිවි හානි කර ගැනීම සඳහා වත්තේ ඇති නාන ළිඳට
පැන ඇති නමුත් ප්‍රදේශවාසීන් ඔහු ගොඩ ගෙන ඇත. අනතුරුව වේයන්ගොඩ පොලිසිය මගින් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනිණි. ගම්පහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අපරාධ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකළ අතර සැකකරු ඊයේ (03දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට පත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා
රන්මුතුගල රංජිත්ප්‍රිය නමැති පුවත්පත්වලට සිතුවම් ඇඳ ප්‍රකට නමක් දිනූ චිත්‍ර ශිල්පියාගේ පුතකු වන සැකකාර සිතුම් සුධාර පාසල් යාම අතරමග හැරදමා බතික් වැඩ වෘත්තිය ලෙස තෝරාගත් අයෙකු වන අතර ඔහු චිත්‍ර ඇඳීම සිදු කර ඇත්තේ අමතර කාර්යයක් ලෙසයි.
මියගිය බිරිය සහ ඔහු දිගුකාලීන පෙම් සබඳතාවයක් මත විවාහ වුවත් විවාහ වූ දා සිට ගැටුම් ඇතිකරගත් බව පැවසේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh68N0IWuv3PNFN4BaNgtzgq4TgSWXuwq8JGmvxAwfogDj3aU_BoZgYmfX-UrT128wxdl3dVdnWMXmARJYo3pHlevuOVhol48AL79sUk9Arz_SUNECzdRYguqq1nXzgleqsaM7RBiiJrAo/s1600-rw/Sithum-Sudara-Ranjithpriya-1-640x400.jpg)