තවත් සිසුන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියකින් පසු තුවාල ලබා රෝහල්ගතර තිබියදී මරණයට පත්ව තිබේ.
පසුගියදා මේ ශිෂ්‍යයාට එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධුරය පිරිනමා තිබීමට ඊර්ෂ්‍යා කළ පිරිසක් මෙම පහරදීම කර ඇති බවට වාර්තා පළව තිබේ.
පසුගිය 15 වැනිදා රාත්‍රී 10ට පමණ එම ශිෂ්‍යයා
සවරාන කොලණියේ පල්ලියේ පැවැති මෙහෙයකට සහභාගි වී පාපැදියෙන් ආපසු නිවස බලා එමින් සිටියදී මග රැක සිටී එම පාසලේම දහය වසරේ සිසුන් සිවු දෙනකු විසින් අවට තිබෙන විදුලි බුබුලු නිවා දමා ඔහු වටකර අතින් පයින් හා පොලුවලින් අමානුෂික ලෙස පහරදි ඇති බව පරික්ෂණ වලදී හෙළීවී තිබේ.
මේ තර්ජනය නිසා සිසුවා එම සිද්ධිය දෙමවුපියන්ට නොදන්වා සිටියත් ඔහු හිසේ රුදාවක් ඇති බව කියමින් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා හලාවත රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහුගේ තත්ත්වය උත්සන්න වීමෙන් හලාවත රොහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ.
එහිදී එම සිසුවාගේ හිසට ශල්‍ය කර්මයක් සිදුකර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23) අලුයම මියගොස් තිබේ.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ හලාවත මැරවල සවරාන විදුහලේ මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසූල් (16) නැමැති සිසුවාය.
පහරකෑමෙන් මියගිය මේ ශිෂ්‍යයා විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු බවත් ඔහු පල්ලියේ කටයුතු වලදීද නායකත්වය ගැනීමත් සමාජ සත්කාරක වැඩසටහන් වලදි පෙරමුණ ගැනීමත් සිදුකර ඇති බාහිර ක්‍රියාකාරකම් වලින් ඉදිරියෙන්ම සිටින සිසුවකු බවද ගුරුවරු කියති. මේ ශිෂ්‍යයා පාසලේ සිසුන් අතර විනය ඉතා ඉහලින් පවත්වාගෙන යාමට කැපවි ඇත. ඊර්ෂ්‍යාව මුල්කරගනිමින් මේ පහරදීම සිදුකර ඇති බවට පරික්ෂණ වලදි හෙළීවී ඇත.
මියගිය සිසුවාගේ මව වන ඒ සිත්ති නෆිසා සිද්ධිය ගැන මෙසේ කියා ඇත.
"අයියෝ මගේ දරුවා. මේ අපරාධය කළේ ඊරිසියාවට නේද? ප්‍රධාන ශිෂ්‍ය නායක කළා කියල මේ දරුවාට මෙහෙම දෙයක් කරයි කියලා අපි හිතුවෙ නැහැ. අපිට ඕනෑ සාධාරණය."
මේ සිදුවීම විස්තර කළ ෆයිසුල්ගේ
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (23දා) කොළඹ ජාතික රෝහලේදී සිදුකෙරිණි. හිසට තදබල ලෙස පහරදීම හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය වීම මේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත.
සිසුවා මියයාමට පෙර පහරදීම සම්බන්ධයෙන් මීට පෙර සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දෙදෙනෙකු ඇප පිට නිදහස් කළ අතර එක් අයෙකු පරිවාස භාරයට පත් කර ළමා නිවාසයට යොමු කිරීමට නියම විණි.