පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ නිවෙසක කාමරයක් කුලීයට ගන්නා මුවාවෙන්, නිවෙසට පැමිණ එහි නිවෙස හිමි කාන්තාවට, ලිංගික අතවර කොට පලාගිය තිදරු පියකු අත්අඩංගුව ගත් බව මත්තේගොඩ
පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ද ප්‍රදේශයේම පුද්ගලයකු (47) බව පොලිසිය කියයි.
මොහු රැකියාව ලෙස බ්‍රෝකර් වැඩ කරමින් ජීවනෝපාය සලසා ගන්නා පුද්ගලයකු බවද කියයි. ගමේ පිහිටි, වෙළෙඳසලක් පවත්වාගෙන යන කාන්තාවකට හිමි
සිද්ධියෙන් පසුදිනද මෙම පුද්ගලයා පැමිණ අදාළ සිද්ධිය පොලිසියට පැමිණිලී කළහොත් 'බලාගන්නම්' යනුවෙන් තර්ජනය කර ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව එම කාත්තාව සිද්ධිය පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි. පසුව පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් පරීක්ෂා කොට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී තිලකසිරි මහතාගේ උපදෙස් මත ඉදිරී පරීක්ෂණ ක්‍රියාත්මකය.