මුස්ලිම් ජාතික කොරෝනා ආසාදිතයින්
මරණයට පත්වීමේදී ඔවුන් ආදාහනය නොකර භූමිදානය කරන බවට පැතිර යන ආරංචිය ප්‍රතික්ෂේප කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විශේෂ ප්‍රකාශයක් මගින් දන්වා සිටී. මෙම යෝජනාව අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලයට යොමුවූ නමුත් තීරණයක් නොගත් බවත්  සෞඛ්‍ය අංශ මේ ගැන තීරණයක් ගෙන දැන්විය යුතු බවත් එවැන්නක් තවම සිදුව නැති බවත් ඔහු පැහැදිලි කළේය.