ඩුබායි සිට මෙරටට ගෙන්වන රත්තරන් තොග යාපනයේ සිට බෝට්ටු මගින් ඉන්දියාවට යැවීමේ නීතිවිරෝධි ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි. රුපියල් කෝටි 12 1/2ට අධික වටිනා කිලෝ 6කට අධික රන්බඩු යාපනය කොළඹ බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු තැනැත්තන් වෙළඳාම හා ජාවාරම් විමර්ශන, සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාස මගින් පෙරේදා (19) ආමර්වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී මෙම රන් ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි ද පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවත්, ඔහු ලඟ රන් භාණ්ඩ තොගයේ කිලෝ 6 කට අධික ප්‍රමාණයක් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන මෙම රන් කැබැලි හා රන් බඩු යාපනයේ සිට බෝට්ටු මගින් නීති විරෝධීව ඉන්දියාවට යැවීම සඳහා මෙලෙස රැගෙන ගොස් ඇති බවට හෙළි වූ බව පොලිසිය පවසයි. සැකකරුවන් මෙම රන් ජාවාරම කාලයක සිට සිදුකරන බවත්, මේ සම්බන්ධයෙන් තැනැත්තන් වෙළඳාම සහ ජාවාරම් විමර්ශන, සමුද්‍රීය අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට රන් බඩු බෝට්ටු මගින් රැගෙන යාමේ නීති විරෝධී ජාවාරම සිදුකර ඇත්තේ මෙරට වෙසෙන ඉන්දීය ව්‍යාපාරිකයකු බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම ව්‍යාපාරිකයන්ගේ තැරැව්කරුවන් ඩුබායි සිට නීති විරෝධිව මෙරටට එවන රන් බිස්කට් හා ර ණ්ඩ ව්‍යාපාරිකයාගේ මෙරට තැරැව්කරුවන් විසින් බස් රථ මගින් කොළඹ සිට යාපනයට ප්‍රවාහනය කරන බවත්, ඒ සඳහා ඔවුන්ට එකවරකට රුපියල් 40,000ක මුදලක් ලබා දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. සිද්ධියේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම සහ ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් පරික්ෂණ පැවැත්වේ.
-ඉන්දිකා රාමනායක-
0 Comments