දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල විශාල වශයෙන් ඊයේ (20) දා උදෑසන වනවිට පහළ වැටී එළවළු අලවි නොවන තත්ත්වයකට පත්ව තිබූ බව ගොවීහු පැවසූහ. එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම හා ඉන්ධන හිගය හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවද
ඔවුහු පවසා සිටියහ.මෙදින අලුයම විශාල වශයෙන් යාපනය අර්ධද්වීපයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණු බවද වෙළෙන්දෝ පැවසූහ. උද්ගතව ඇති මෙම තත්වය මත පසුගිය සතියේ තොග මිල රුපියල් 250 - 280 අතර පැවති බෝංචි කිලෝවක තොග මිල ඊයේ උදෑසන වනවිට රුපියල් 100 - 130 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.
බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවළු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසා සිටියහ.තෙල් පොහොර නොමැතිව දැඩි දුෂ්කරතා හමුවී තමත් එළවළු වගා සිඳු කර ඉන්ධන නොමැති වී වතුර ගසා ගැනීමට පවා නොහැකිව නෙළා ගත් අස්වැන්න පෝලිම්වල සිටඉන්ධන සොයාගෙන ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීමට රැගෙන පැමිණියද ඒවා තිසි මිලකට අලෙවි නොවීමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව ගොවීහු පවසා සිටියහ.සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන තමන් එළවළු වගා කළද දිවයිනේ සෑම භාණඩයකම මිල ඉහළ යදි එළවළු මිල මේ ආකාරයෙන් පහත වැටීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත් වන බව ද ඔවුහු පැවසූහ.
තමන් පිළිබද සොයා බැලීම හෝ මෙවැනි සිද්ධි පිළිබද සොයා බැලීමක් නොකිරීම නිසා මේ තත්වය උදාවී ඇති බවද ගොවීහු පැවසූහ. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල ඊයේ (20දා) මෙසේ පැවතිණි.
බෝංචි 130 -140,
ගෝවා 50 - 60,
අමුමිරිස් 250 - 300,
ලීක්සි 60- 70,
දඹල 70 - 80,
කරවිල 80 -110,
කැරට් 130- 160.
වට්ටක්කා 50 - 60,
මාළු මිරිස් 180 - 200,
පිපිඤ්ඤා 25 - 30,
වම්බටු 110 -140,
මෑ කරල් 150 - 160,
පතෝල 80 -100,
වැටකොළු 80 -100,
නෝකෝල් 60 -80,
බීට් 70 - 80,
තක්කාලි 140 - 150,
කැකිරි 30 - 40,
රාබු 20- 30.
මේ අතර ඇතැම් එළවළු සඳහා ඉහළ මිලක් පවතිදී ඒවා අලෙවි නොවීම බරපතළ ප්රශ්නයක්ව පැවති බවය. වෙළෙඳපොළට පැමිණ සිටින වෙළෙන්දන් තම නිෂ්පාදන ඉතා අඩු මුදලකට ලබා ගැනීමේ උත්සාහයක නිරත වන බවදගොවීහු පැවසූහ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් දිස්ත්‍රික්ක කිහිපයකින්ම පොලොස් තොග වැඩි වශයෙන් ලැබී තිබූ අතර එහි උපරිම මිල රුපියල් 40 - 50 දක්වා මිලක් පැවතිණි. මේ අතර ආර්ථික මධ්‍යස්ථානයේ විශාල හිගයක්ව පැවැති අමු මිරිස් තොගද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමග ද රුපියල් 750 -1000 අතර අලවි ඒ අමු මිරිස් කිලෝව මෙදින රුපියල් 250ක් දක්වා අඩු මුදලකට අලෙවි වීමද විශේෂ කරුණකි.
(එස්.කරුණාරත්න)
0 Comments