ethimale-bambara-attack

ඇතිමලේ ඉසුරු පාසලේ උදේ රැස්වීම් වෙළාවේදි බඹර කූඩුවක් විදුහල්පතිවරයාගේ හිස මතට කඩාවැටීමත් සමග සතුන් දෂ්ඨ කිරීමෙන්
සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුලු 65 දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි,



පාසල ආරම්භවීමත් සමග 14 දින උදේ රැස්වීම පවත්වන අතරතුර පාසල් ගොඩනැගිල්ලක කොරිඩොවක තිබු විශාල බඹරයක් එක්වරම විදුහල්පතිවරයාගේ හිස මතට කඩා වැටීමත් සමග සතුන් දෂ්ඨ කරද්දි සිසු සිසුවියන් හිස් ලූ අත දිවගොස් තිබෙන බව පොලිසිය කියයි.

සතුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබු විදුහල්පතිවරයා සමග ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසු සිසුවියන් 62ක් ඇතිමලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය වු සිසුන් දෙදෙනෙකු සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලිසිය කියයි.


කාලයක් තිස්සේ පාසල් ගොඩනැගිල්ලේ තිබු මෙම බඹරය ඉවත් කිරීමට කටයුතු නොකිරීම නිසා මෙවන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය කියයි,
ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වති.

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි,)