ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, සිය නිල නිවස සහ නිල රථය අමාත්‍යංශ ලේකම්ට භාර දී ඇති බව වාර්තා වේ.
නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාරදී තමන් කළේ නිවැරදි දෙයව බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔහු සදහන් කළේ තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා මරුටි රථයක් ඉදිරියට භාවිතා කරන බවය.
තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බව වාසුදේව නානායක්කාර මහතා දන්වා ඇත.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු ඔවුන්ගේ අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට විරෝධය පෑමක් වශයෙන් තමන් යළි අමාත්‍ය මණ්ඩල රැස්වීම් සදහා සහභාගී නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා තිබුණි.
කෙසේ වෙතත් තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් නැති බවද අමාත්‍යවරයා පවසයි.
0 Comments