electricity-bill-sobitha-thera

අසාධාරණ ලෙස වැඩිකර තිබෙන විදුලි ගාස්තුවට එරෙහිව මහා සංඝයා වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයන් වහාම සන්ධාන ගතව රජයට කරුණු දැක්විය යුතු බවත් ඉදිරියට ගෙවීමට ඇති මේ අසාධාරණ විදුලි ගාස්තු වහා නවතා දැමිය යුතු බවත් යම් අසාධාරණයෙන් ජනතාව වහා මුදා ගත යුතු බවත් ආචාර්ය ඕමල්පේ සෝහිත නා හිමියෝ ඇඹිලිපිටියේ දී පැවැසූහ. ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී  ඊයේ (16) මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ එසේ කීහ, ඕමල්පේ සෝභිත නා හිමියෝ මෙසේ ද පැවසූහ.



අසාධාරණ ලෙස මෙලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට  එරෙහිව වහාම කරුණු ඉදිරිපත් කරලා ජනතාවට රජය කරන මේ අසාධාරණයෙන් ඔවුන් ගතයුතු  වෙනවා. එපමණක් නොවෙයි රටේ නීතීඥ ප්‍රජාව ඉදිරියට පැමිණ පාරිභෝගික අධිකාරියට හා විදුලි බලමණ්ඩලයට විරුද්ධව නීතිමය කටයුතු සිදුකළ යුතුයි.අසීමිත ලෙස විදුලි ගාස්තුව ඉහළ දැමීම හේතුවෙන් නගරවාසීන් පමණක් නොව ගම්බද ජනතාවත් දැඩි පීඩාවට පත්වී සිටිනවා. හොර හතුරන්ගෙන් හා වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා අහිංසක ජනතාව නිවාස අසළ විදුලි බුබුළු දල්වා තිබෙනවා.

මේ අසාධාරණ විදුලි ගාස්තුව ඉහළ දැමීම නිසා ගමේ ජනතාව අනාරක්‍ෂිත භාවයට පත්කර තිබෙනවා. ලෝක ආහාර සංවිධානය පසුගිය දා ප්‍රකාශයක් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ලක්ෂ හැටක පමණ ජනතාවකට දෙනිකව නිසි ආහාර වේලක් සපයා ගැනීමට නොහැකිව ඇති බවට. එවැනි පසුබිමකයි විදුලිබල මණ්ඩලය අසීමිත ලෙස ජනතාව විදුලි ගාස්තුව ඉහළ නංවා තිබෙන්නේ.

මෙම ඉහළ දැමීමට සාපේක්ෂව සියලු ආහාර  ද්‍රව්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් දරුණු අගාධයකට ජනතාව වැටී තිබෙනවා. මෙවැනි විදුලි ගාස්තු වැඩි කිරීමකින් එම ආයතනයේ පාඩුව යම් හෙයකින් අවම කර ගැනීමකෙට උත්සාහයක යෙදෙනවා නම් හරි කියමු, නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ කළ යුතු වන්නේ විදුලිබල මණ්ඩලය සිදුකරන වංචා දූෂණ මැඩ පැන්වීමයි.  දේශපාලකයන් හා නිලධාරීන් මේ දක්වා සිදු කරන. ලද වංචනික ක්‍රියා කලාපය නවතා දැමිය යුතුයි. හොරුන්ට දඬුවම් දෙන්න සොරාගත් මහජන මුදල් නැවත භාණ්ඩාගාරයට ගන්න. අන්න එතකොට තමයි ජනතාවට සහනයක් සලසා දිය හැකි වන්නේ යැයි ද නාහිමියෝ කීහ.

 -රෝහණ සමරවීර-