අද දින හම්බන්තොට වරායට පැමිණී චීන ඔත්තු නෞකාව පිළිගැනීමට ශ්‍රී ලංකාවේ දේශපාලකයින් කණ්ඩායමක් වරාය වෙත ගොස් තිබීම නාටකයක්වූ අතර පිළිගැනීමට ඉදිරිපත්වීමත් ඔවුන් එහිදී කථා පැවැත්වීමත් විශේෂිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරද පැමිණ නැවේ කපිතාන්ට අතට අත දුන්නද කපිතාන්වරයා එය පිළිගත්තේ නැති අතර සැලියුට් ගැසුවේය.
කොරෝනා රෝග ආරක්ෂාව පිණිස හෝ කපිතාන්ගේ චාරිත්‍ර අනුව එය සිදුවී ඇතැයි පෙන්නුම් කෙරිණි.
අවම වශයෙන් මන්ත්‍රීවරයා මුව වැස්මක් හෝ පළදා තිබුණේ නැතිවීමද විශේෂිතය.
චීනය මගින් මේ වනවිට මෙහෙයුම් සිදුකරන හම්බන්තොට වරායට ඔවුන්ගේම අභ්‍යන්තර කාරණා කටයුතු සඳහා පැමිණී චීන නෞකාව පිළිගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක්ද එම ස්ථානයට ගොස් තිබූ අතර විමල් කතාවක් පවත්වමින් ඇමරිකාව ඉන්දියාව ඇතුළු පාර්ශ්ව විරෝධතාව නොතකා අවසානයේ ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් අවසරය අගය කළේය. ඔහු මෙසේ කීය.
'ඇතමුන් පවසන මේ ‘ඔත්තු බලන නැවට’, අප පවසන තාක්ෂණික සන්නිවේදන නැවට, අනුමැතිය දුන් පරිදිම ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට අවකාශ සැලසිය යුතුයි, යන මතයේ අපේ පක්ෂවල නායකයන් සිටියේ.
අප විශ්වාස කරනවා, චීනය අපේ ඓතිහාසික මිතුරෙක් පමණක් නොවෙයි දුෂ්කරතාවලට ඇදවැටුණු හැම මොහොතකම අපට උදව් කළ මිතුරෙක් කියා.'
ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදය තුළ මේ දක්වා කැපී පෙනෙන ලෙස කිසිදු උදව්වක් කිරීමට චීනය ඉදිරිපත්වී නැති අතර ඔවුන්ගේ ණය පහසුකම් මත සිදුකරන ව්‍යාපෘතිද ණය දෙන්න බැරිබව පවසා ඇති නිසා අතරමග නතරකර ඇත.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා අද දින උත්සවයේදී මෙසේ අදහස් දක්වා සිටියේය.
“යුවාන් වැන්ග් 5 චීන නෞකාව දින තිහක් එන්න බැරිව මුහුදේ ගත කළා. ඉතින් ඔබ සයුරු රළ මැදින් මෙහි පැමිණීම ගැන සතුටු විය හැකියි. ඔබ පැමිණියේ අපේක්ෂා කළ හැකි මෙන්ම අනපේක්ෂිත බාධක සහ අභියෝග රැසක් පිටු දැකීමෙන් බව කිව යුතුයි. හම්බන්තොට වරාය එක් තීරණයක් – එක් මාවතක් ව්‍යාපෘතිය වැදගත් මංසලකුණක් මෙන්ම මෙය ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සහයෝගීතාවයේ සංකේතයක්..”
0 Comments