2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර තිබෙයි.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී.ධර්මසේන මහතා සඳහන් කළේය.
අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වනදා ආරම්භ කරන බව ඔහු පවසයි.
0 Comments