කොබෙයිගනේ, පන්නව ප්‍රදේශයේ අට හැවිරිදි පිරිමි දරුවෙකු ගෙලට වැටුණු ඔහුගේ කුඩා සරමක් මේස ලාච්චුවේ පැටලී ගෙල සිරවීමකින් මිය ගිය බවට වූ සිරුර පිළිබද මරණ පරික්ෂණය සිදු කළ නිකවැරටිය රෝහල් අධිකරණ විශේෂඥ වෛද්‍ය එම්. සිද්ධික් මහතා මෙම මරණය පිළිබද විවෘත තීන්දුවක් ලබා දුන්නේය.
දරුවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට මියගිය දරුවාගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා යොමු කිරීමටද විශේෂඥ වෛද්‍ය එම්. සිද්ධික් මහතා පියවර ගත් බවද වාර්තා කළේය.ශ්‍රවණාබාධ සහ කථනාබාධ තත්වයකින් පෙරළන, පියාද අහිමි, මව හා සුළු පියා සමග ජීවත් වන, අඩි හතරක් පමණ උස මෙම දරුවා පසුගිය (04දා) රාත්‍රියේ නිවස තුළ මැද කොටසේ මෙට්ටයක් මත සෙල්ලම් කරමින් සිටියදී, මෙලෙස අනතුරට ලක්ව වැටී සිටි බවට මව සහ සුළු පියා විසින් දරුවා කොබෙයිගනේ රෝහලට රැගෙන යන විටද ඔහු මරණයට පත්ව සිට ඇති බවද පොලිසිය පවසයි.
දරුවා නිවස තුළ රාත්‍රියේ සෙල්ලම් කරමින් සිටි බවටත්, දරුවාගේ මව මාස හයක් වයසැති දරුවාට කාමරයේ කිරි දෙමින් සිට පැමිණ බලන අවස්ථාවේ දරුවා අනතුරට ලක්ව මේසය අසල වැටී සිටි බවත්, බෙල්ලේ පැටලී තිබූ කුඩා සරම විසිකර දමා වහා රෝහලට රැගෙන යාමට පියවර ගත් බවද දරුවාගේ මව සහ සුළු පියා පවසා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
කොබෙයිගනේ හදිසි මරණ පරික්ෂක ආර්.එම්. ධර්මසේන මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවක්ද සිදු කළ අතර, සිද්ධිය වූ බව කියන මේසය අසල දරුවාගේ කුඩා සරමක්ද වැටී තිබියදී සොයා ගැණුනු බවද පොලීසිය සදහන් කරයි.
ඒ අනුව මරණ පරික්ෂකවරයා විසින් නිකවැරටිය රෝහල් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා සමගද සාකච්ඡා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරිමාණය මහේස්ත්‍රාත් පරික්ෂණයක් සදහා යොමු කිරීමටත්, මියගිය දරුවාගේ සිරුර පරික්ෂණ සදහා නිකවැරටිය මූලික රෝහලට රැගෙන යාමටත් පියවර ගත් බවද පොලීසිය සඳහන් කරයි.මේ අනුව නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව දරුවාගේ සිරුර පිළිබදව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය රෝහලේදී සිදු කළ නිකවැරටිය රෝහල් අධිකරණ විශේෂඥ වෛද්‍ය සිද්ධික් මහතා විසින් (05දා) මෙලෙස විවෘත තීන්දුවක් ලබා දෙන බවට වාර්තා කර තිබිණි. කොබෙයිගනේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිඳුර පරික්ෂණ සිදු කරයි.
0 Comments