මිහින්තලේ කනදරා කටුකැලියාව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ බිරිදගේ ඒ.ටී.එම් කාඩ්පතක් සොරකම් කර අවස්ථා 163කදී රුපියල් ලක්ෂ එකසිය හැට දෙකක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රියැදුරෙකු මේ මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ(06දා) නියෝග කළේය.
මිහින්තලේ ඉහළගම කනදරා කටුකැලියාව පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. මිහින්තලේ කනදරා කටුකැලියව පදිංචි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ බිරිදගේ ඒ.ටී.එම් කාඩ්පතක් ඉතා සූක්ෂම ලෙස සොරකම් කර ඊට අදාළ ගිණුමෙන් රුපියල් ලක්ෂ එකසිය හැට දෙකක මුදලක් ලබා ගෙන ඇති බවට අදාළ තැනැත්තිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණ්ය හමුවට ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරීත්වයට වැඩිදුරටත් නියෝග කළේය.
ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික කටයුතුවලට වසර ගණනාවක සිට රියැදුරෙකු වශයෙන් සම්බන්ධ වී ඇති සැකකරු විවිධ ව්‍යාපාරික කටයුතුවලට යන එන අතරතුර ඔහුගේ බිරිඳගේ ඒ.ටී.එම් කාඩ්පත සොරකම් කර රහස් අංකයද ඉතා සූක්ෂම ලෙස ලබාගෙන ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ. අදාළ ඒ.ටී.එම් කාඩ්පත භාවිත කර 150කට අධික වාර ගණනකදී සැකකරු මෙම මුදල් ලබාගෙන ඇති බවද විමර්ශනවලදී තවදුරටත් හෙළිව ඇත.
උපාලි ආනන්ද
0 Comments