pakistan-chilli

පාකිස්තානයෙන් ආනයනය කළ මිරිස්  කන්ටේනර් 25 ක්    ඇෆ්ලටොක්සීන් විෂ රසායනික අඩංගුවීම හේතුවෙන් ඒවා නැවත හරවා( ප්‍රති අපනයනය)  යැවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් එම මිරිස් තොගය ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. 0112112718 එම දුරකතන අංකයයි.

ඇෆ්ලටොක්සීන් අඩංගු බඩඉරිඟු  තොගයක්ද  මෙයට පෙර  ප්‍රතිඅපනයන කෙරිණ.