iran-blast

ඝාතනයට ලක්වූ හමුදාපති කාසෙම් සොලෙයිමානිගේ සුසාන භූමිය ආසන්නයේ බදාදා  දිනයේ දී සිදුවූ ද්විත්ව පිපිරීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 103 දෙනෙකු මිය ගොස් 188 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානයෙන් වාර්ථා වෙයි.

 රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ, බෝම්බයක් නිසා සිදුවූ මෙම පිපිරීම්, එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිදු වූ සොලෙයිමානිගේ මරණයේ සිව්වන සංවත්සරයේදී සිදු වූ බවයි. මෙය ඊශ්‍රායලයේ ගාසා තීරයේ හමාස් යුද්ධය ආරම්භයේ සිට ඉහළ ගොස් ඇති කලාපයේ ආතතීන් වේගවත් කිරීමට තර්ජනයක් විය හැකි බව පවසයි.

පළමු පිපිරීම සොලෙයිමානිගේ සොහොනේ සිට අඩි 2,300 (මීටර් 700) ක් ඈතින් වූ අතර, වන්දනාකරුවන් එම ස්ථානයට පැමිණෙන විට දෙවැන්න සැතපුම් 0.6 ක් (කිලෝමීටර 1 ක්) දුරින් වූ බව IRNA වැඩිදුරටත් පවසයි.

සොලෙයිමානි   හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක ප්‍රත්ඵලයක් ලෙස වසර හතරකට පෙර බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් මිය ගියේය.

ගාසා තීරයේ හමාස් යුද්ධයරාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන IRINN වාර්තා කළේ ,

සොලෙයිමානිගේ සොහොන අසල ඇති වූ පළමු පිපිරීම Peugeot 405 මෝටර් රථයක් තුළ සූට්කේස් එකක තබා තිබූ බෝම්බයක් නිසා සිදුවූවක් බවත්, එය දුරස්ථව පුපුරුවා හරින ලද බවක් පෙනෙන්නට ඇති බවත්ය.

ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වාහිඩි පැවසුවේ ,  පළමු පිපිරීම දේශීය වේලාවෙන් සවස 3:00 ට  සිදු වූ බවයි. මිනිත්තු 20 කට පසුව, තුවාලකරුවන්ට උපකාර කිරීමට වෙනත් වන්දනාකරුවන් පැමිණි විට දෙවන එනම් වඩාත් මාරාන්තික පිපිරීම සිදු වූ බව වාහිඩි පැවසීය.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ මේ සම්බන්ධයෙන් “කිසිදු අදහසක්” තමාට නොමැති බවයි.

විශ්ලේෂකයින් සහ එක්සත් ජනපද නිලධාරියෙකු අනුමාන කිරීමක් ලෙස පැවසුවේ,  පිපිරීම තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයක ලක්ෂණ ඇති බවයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක Matt Miller මාධ්‍ය හමුවකදී කියා සිටියේ , පිපිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයට “කිසිදු ස්වාධීන තොරතුරක්” නොමැති බවත්, “ඊශ්‍රායලය සම්බන්ධ බවට විශ්වාස කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට හේතුවක් නොමැති” බවත්ය.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මෙම ක්‍රියාවලියට “දරුණු ප්‍රතිචාරයක්” ලැබෙනු ඇති බවට  X හි (ට්විටර් ) අනතුරු ඇඟවීය.

පිපිරීමෙන් පසු ඉරානය බ්‍රහස්පතින්දා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ අතර , ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඔහුගේ තුර්කි සංචාරය අවලංගු කළේය.

ඉරානයේ බලවත්ම මිනිසුන්ගෙන් කෙනෙකු වූ සොලෙයිමානි, ඉරානයේ එතෙර මෙහෙයුම් හසුරුවන ප්‍රභූ ඒකකයක් වන Revolutionary Guards' Quds Force හි ප්‍රධානියා වූ අතර,  එක්සත් ජනපදය විසින් ඔහුගේ සංවිධානය විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලැබීය.

පෙන්ටගනය  පවසන්නේ ,  සොලෙයිමානි සහ ඔහුගේ හමුදාව "සිය ගනනක් ඇමරිකානු සහ සභාග සේවා සාමාජිකයින්ගේ මරණයට සහ තවත් දහස් ගණනකගේ තුවාල වලට වගකිව යුතු" බවයි.

1998 සිට කුඩ්ස් බලකායට නායකත්වය දුන් ඉරානයේ "සෙවණැලි අණ දෙන නිලධාරියා" ලෙස හඳුන්වනු ලබන සොලෙයිමානි,   ඉරාකයේ සහ සිරියාවේ ඉරාන හමුදා මෙහෙයුම්වල මහ මොළකරු විය.

කෙසේ වෙතත් මෙම පිපිරීම සිදු වන්නේ කලාපයේ නොසන්සුන් මොහොතක ය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එරෙහිව සටන්කාමී කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයෙන් ඇති වූ  ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේ උග්‍ර ආතතීන් මධ්‍යයේ මෙම පිපිරීම සිදු විය.

හමාස් විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එම යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ 23,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.



අඟහරුවාදා, ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු   බේරූට්හි තදාසන්න ප්‍රදේශයක පිපිරීමකින්  මිය ගිය අතර, එක්සත් ජනපද නිලධාරියෙකු  පැවසුවේ , එය ඊශ්‍රායලය විසින් සිදු කරන ලද බව ය . ඊශ්‍රායලය මේ සම්බන්ධව තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැති නමුත්,  හමාස්  පාලනය යටතේ ඇති සටන්කාමී කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට දොස් පවරා ඇත.

පසුගිය සතියේ ,  සිරියාවේ සිටි ජ්‍යෙෂ්ඨ ඉරාන අණදෙන නිලධාරියෙකු ඝාතනය කළ බවට ඉරානය විසින් ඊශ්‍රායලයට චෝදනා කළේය. ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ නැත.

ටෙහෙරානය විසින් හමාස් සංවිධානයට අරමුදල් සහ ආයුධ සපයන බවට ඊශ්‍රායලය චෝදනා කරයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පසුගිය මාසයේ ප්‍රකාශ කළේ , තම රට ඉරානය ඇතුළු ක්ෂේත්‍ර හතකින් ප්‍රහාර එල්ල කරනු ලබන “ බහු-තරඟ යුද්ධයක ” සිටින බවයි.

බදාදා සිදු වූ පිපිරීමෙන් පසු රුසියානු ජනාධිපති පුටින් විසින්  ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වෙත ලිපියක් යවමින් “ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය” හෙළා දුටුවේය.

යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී Antonio Guterres යන දෙදෙනාම,  බදාදා වූ පිපිරීම් හෙළා දුටුවේය.

ඇමෙරිකා එක්සත් ජනපදය ද මෑතක සිට මැදපෙරදිග කලාපයේ සිය හමුදා මැදිහත්වීම වේගවත් කර ඇත. එක්සත් ජනපද සෙබළුන් තිදෙනෙකුට තුවාල සිදුවීමෙන් පසු ,ඉරාකයේ පිටුබලය ලත් කටයිබ් හිස්බුල්ලා සහ “අනුබද්ධ කණ්ඩායම්” වෙත පසුගිය මාසයේ දී එක්සත් ජනපද හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කළේය.

පසුගිය සතියේ, එක්සත් ජනපද හෙලිකොප්ටර් යානා විසින් ,  ඉරානයේ පිටුබලය ලබන Houthi කැරලිකරුවන්ට අයත් බෝට්ටු තුනක් රතු මුහුදේ දී වෙඩි තබා ගිල්වා දැමූ අතර, එහි සිටි සියළු දෙනා මිය ගියහ.

හමාස් සංවිධානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස Houthi කැරලිකරුවන් රතු මුහුදේ වෙළෙඳ යාත්‍රාවලට ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති   අතර, එය ලොව වැදගත්ම ජල මාර්ගයක සිදු වන වෙළෙඳාම කඩාකප්පල් කිරීමට හේතු වී ඇත.