katunayake-facial-recognizing-unit

කටුනායක ගුවන් තොටුපළේ  ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් අද සිට පිහිටුවා තිබේ. අමාත්‍ය ටිරාන් අලස් හා වැඩබලන පොලිස් පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය අද විවෘත කෙරිණි. කලින් ගොනු කරන ලද සැකසහිත අයගේ මුහුණු සහිත දත්ත අනුව ගුවන් තොටුපළ පරිශ්‍රයේ එවන් අය ගමන් කරද්දී මෙම පද්ධතිය මගින් ඉබේම හඳුනාගෙන අදාළ ආරක්ෂිත එළාම් නිකුත් කරන අතර පැය විසිහතරපුරා ඒ ගැන නිරීක්ෂණයෙන් පසුවන නිලධාරීන්ට සැකකරුවන් හඳුනාගැනීමට පද්ධතිය උපකාර කෙරේ.