සිය බිරිදගේ දහතුන් හැවිරිදි බාල වයස්කාර නැගණියට බරපතළ ලිංගික අපයෝජනයක් කළැයි වරදකරුවකුවූ ස්වාමිපුරුෂයකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දසනායක මහතා වසර දොළහක බරපතළ දඬුවමක් පෙරේදා (4) නියම කළේය.
එම බාල වයස්කාර නැගණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමට කාමරයක් දී ඊට අනුබල දුන්නේ යැයි වරදකරුවකු වූ අයකුට වසර දෙකක බරපතළ සිර දඬුවමක් සහ රුපියල් 10,000 ක දඩමුදලක්ද විනිසුරුවරයා නියෝග කළේය.
සිය බිරියගේ දහතුන් හැවිරිදි බාල වයස්කාර නැගණිය පාසල ඇරී නිවෙසට එමින් සිටියදී විත්තිකාර මස්සිනා ඇය බලහත්කාරයෙන් මිතුරකුගේ නිවෙසට රැගෙන ගොස් ඇයට බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ
2017 ජනවාරි මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී බව අධිකරණයේ දී හෙළිවිය.
බාලවයස්කාර තරුණිය මේ ගැන වැඩිහිටියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් පොලිසියට මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව විත්තිකාර මස්සිනා සහ ඔහුට කාමරයක් දුන් තැනැත්තා සැකපිට ප්රශ්න කිරීම සඳහා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරනු ලැබීය.
විත්තිකාර මස්සිනා බාල වයස්කාර නෑනන්ඩිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනය කළා යැයි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන හෙයින් ඔහුට බාලවයස්කාර දැරියක දැරියක බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ පළමු චෝදනාවට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් ද රුපියල් දසදහසක දඩ මුදලක් ද දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කළේය.
බාල වයසකාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ දෙවැනි චෝදනාවට වැරදිකරු කරමින් බරපතළ වැඩ සහිත වසර දහයක සිර දඬුවමක් ද රුපියල් 25000ක දඩ මුදලක් ද එය නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියෝග කළේය.
විත්තිකාර මස්සිනාට බාල වයස්කාර දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමට කාමරයක් දී එයට අනුබල දීමේ චෝදනාවට වැරදිකරුවකුවූ අයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් 10000 ක දඩ මුදලක් ගෙවන ලෙසත් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් ලබාදෙන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
රජයේ අධිනීතිඥවරියන් වන ඉසුරි ජයවර්ධන මහත්මිය සහ හිරුණි අල්මේදා මෙනවිය නඩුව මෙහෙයවූහ.
කරන්දෙණිය - එම්. සුසිල් ප්රියන්ත
0 Comments