maithri-slfp-wijedasa

 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ( ශ්‍රීලනිප ) නව සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට විධායක කමිටුව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදු කළ බව පවසමින් අද (12) උදෑසන එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද පෙරවරුවේ කෝට්ටේ සොලීස් ශාලාවේ පැවතියායයි කියන විධායක කමිටු රැස්වීමේදී ඡන්දය විමසා ඇතැයි දන්වා තිබේ.


එම අවස්ථාවේ මෛත්‍රිපාල හා විජේදාස දෙන්නාම කතාපවත්වා තිබූ අත​ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතාවද පත්කර තිබුණි.

කෙසේ වෙතත්, එම පත්කිරීම් වල වලංගුභාවයක් නොමැති බව පක්ෂ ලේකම් දුමින්ද දිසානායක ප්‍රමුඛ කණ්ඩායම අවධාරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන සරත් ඒකනායක මහතා වෙත ලිපියක් යවමින් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ එම රැස්වීමට නීත්‍යානුකූල භාවයක් නොමැති බවයි.


නායකත්වය සඳහා පොරබදමින් සිටින දෙපිරිස අතර පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම අභියෝගවලට මුහුණ පා ඇති අතර අද සවසඩාලි පාරේ පක්ෂ මූලස්ථානය අවට විශේෂ ආරක්සාවක් සලසා තිබියදී ලසන්ත අලගියවන්න ප්‍රමුඛත්වයෙන් රැස්වීමක්ද පවත්වා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් ඊට කැදවා ඇති අතර  ලසන්ත අලගියවන්න විසින් මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙයි.