Air-pollution-on-the-rise-Air-quality-in-15-cities-at-unhealthy-levels

බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඊයේ (29) දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක වායු ගුණාත්මකභාවය මිනිස් සෞඛ්‍යයට සුළු වශයෙන් අහිතකර මට්ටමකට ඉහළ ගොස් ඇති බව වාහන වායු විමෝචන භාරකාර අරමුදල නිවේදනය කරයි.



වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර, ගාල්ල, හම්බන්තොට, මොනරාගල, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය ඇතුළු නගර 15ක වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින බව වාර්තා විය.

වායුගුණ තත්ත්ව දර්ශකයේ අගය 0 සිට 50 දක්වා පැවතීම සාමාන්‍ය යහපත් තත්ත්වයක් ලෙස සැලකෙන අතර, එය 101 සිට 150 දක්වා ඉහළ යාම සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් ලෙස හඳුනාගැනේ. මෙම නගරවල වායු ගුණාත්මක දර්ශකය 101 සහ 150 අතර අගයක පැවතුණි.

අරමුදලේ නිලධාරීන් තවදුරටත් පෙන්වා දෙන්නේ දර්ශකයේ අගය 201 සිට 300 දක්වා ඉහළ යාම ඉතා අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙන බවයි. ම

ෙම තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ පෙරවරුවේ මීදුම් සහිත කාලගුණික තත්ත්වයක්ද නිරීක්ෂණය විය.