anuradhapura-incident

අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ අධ්‍යා­ප­නය ලබන සිසු­වෙක් ජම්පටා වීදියේ පිහිටි විහා­ර­ස්ථා­න­යක වැසි­කි­ළි­යක් තුළ ගෙල කපා­ගෙන මිය­ගොස් සිටිය දී පෙරේදා (21) රාත්‍රී කාලයේ දී හමු වූ බව වෙර­ළ­බඩ පොලී­සිය සඳ­හන් කරයි.

මෙම සිසුවා අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ විදුලි තාක්ෂ­ණ­වේ­දය සම්බ­න්ධ­යෙන් අධ්‍යා­ප­නය ලබ­මින් සිටි අයෙකි. අවු­රුදු 25ක් වය­සැති මෙම සිසුවා අනු­රා­ධ­පුර, රඹෑවේ කේන්දෑව, කොන­කු­ඹු­ක්වැව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක් බව වෙර­ළ­බඩ පොලී­සිය සඳ­හන් කළේය. මෙම සිසුවා මර­දානේ පිහිටි පෞද්ග­ලික ආය­ත­න­ය­කින් විදුලි තාක්ෂ­ණ­වේ­දය පිළි­බඳ ප්‍රායෝ­ගික පුහු­ණුව ලැබී­මට යොමු කර තිබී ඇති බැවින් කොළ­ඹට පැමිණ සිට ඇති බව පොලී­සිය සඳ­හන් කරයි.

පුහුණු කාලය අව­සන් වන තුරු ඔහු නවා­තැන් ගෙන සිට ඇත්තේ ජම්පටා වීදියේ පිහිටි විහා­ර­ස්ථා­න­යක බෝඩිම් කාම­ර­ය­කය. සිසුවා පෙරේදා (21) සවස පුහු­ණු­වෙන් පසු විහා­ර­ස්ථා­න­යට පැමිණ නැවත රාත්‍රී කාලයේ පිටව ගොස් රාත්‍රී ආහා­ර­යද රැගෙන පැමිණ ඇති බව විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.


ඒ පැමිණි සිසුවා බෝඩිමේ පොදු වැසි­කි­ළි­යට ගොස් ඇති අතර, බොහෝ වේලා­වක් යන තුරු පිට­තට පැමිණ නැති බැවින් ඒ ගැන බෝඩිම් කාම­ර­වල නවා­තැන් ගෙන සිටින සෙසු අය මෙන්ම විහා­ර­ස්ථා­නයේ හිමි­වරු සොයා බලා ඇත. කොත­රම් ඔහුට කතා කළත් වැසි­කි­ළියේ ඇතු­ළ­තින් වසා තිබුණු දොර විවෘත නොකි­රී­මත් ඇතු­ළ­තින් කිසිදු ශබ්ද­යක් නොඇ­සී­මත් හේතු­වෙන් පොලී­සි­යට මේ බව දැනුම්දී තිබේ.


ඒ අනුව පොලී­සියේ නිල­ධා­රින් කිහි­ප­දෙ­නෙක් එහි පැමිණ දොර කඩා කළ පරී­ක්ෂා­වේදී ගෙල කැපී­ම­කට ලක්ව රුධි­රය වහ­නය වී මිය­ගොස් සිටි අයුරු දැක ඇත.

පොලිස් විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත්තේ ඔහු විසින්ම ගෙල කපා­ගෙන ඇති බවය. ඒ සඳහා යොදා­ගත් පිහි­ත­ල­යක්ද වැසි­කි­ළියේ තිබී සොයා­ගෙන ඇත. වැසි­කි­ළිය ඇතු­ළ­තින්ද වසා තිබීම හේතු­වෙන් පිට­ස්තර අයෙ­කුගේ වැඩක් යැයි සැක කළ නොහැකි බව පොලී­සිය සඳ­හන් කළේය. මෙම සිසුවා මෙසේ ගෙල කපා­ගෙන සිය­දිවි හානි­කර ගැනී­මට නිශ්චිත හේතු­වක් අනා­ව­ර­ණය වී නැති බව පොලී­සිය සඳ­හන් කළේය.


ගයාන් කුමාර වීර­සිංහ, බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ