බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයකු බියගන්වා රුපියල් දසලක්ෂ පහළොස්දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ලකෑ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් හතරදෙනා ලබන 25 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඊයේ නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිවු දෙනාගේ රෝම කූප, ඇඳුම්, තුවා යන නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යවා අධිකරණයට ඔවුන්ගේ ඩී.එන්.ඒ. වාර්තාවක් ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා බම්බලපිටිය පොලිසියට නියෝග කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි සුදාරක දේවප්‍රිය, මොහොමඩ් සාදිප් උෂුප්,රාජපක්ෂගේ අශේන්, දිමුතු එරංග යන සැකකරුවන් සිවු දෙනා මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල ලබා දුන්නැයි ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් වන ඇතුලත්මුදලිගේ මාලා ප්‍රනාන්දු ප්‍රියන්ති සහ ඇයගේ සැමියා වන ඇතුලත්මුදලිගේ චමින්ද පුෂ්පකුමාර යන අය පෙර නඩු දිනයකදී ඇප මත නිදහස් කරනු ලැබීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු විසින් බම්බලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. ජාවාරම්කරුවන් විසින් කොල්ලකන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි සැකකාරියගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට
තොරතුරු අනාවරණය වූ බව බම්බලපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අන්තර්ජාල යෙදවුමක් හරහා (ඇප් එකක්)
බම්බලපිටියේ කුලියට ගත් නිෙවසක් තුළ මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, අන්තර්ජාල යෙදුමක් ඔස්සේ වේලාවන් වෙන්කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි පුද්ගලයකු බියගන්වා රුපියල් ලක්ෂ දහයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15000 මුදලක් කොල්ලකෑම සිදු කළ සැකකරුවන් හතර දෙනාට අනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර එම අපේක්ෂිකාවගේ බෑනා සහ ත්‍රිරෝද රථ රියැදුරකු වන ඇයගේ සැමියා ද සිටින බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සමාජ මාධ්‍යයෙන් දැන හඳුනාගැනීමෙන් පසු සම්බාහන කටයුත්තක් සඳහා මෙම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා එම කටයුත්ත සඳහා සූදානම් වන අවස්ථාවේදී උල් පිහියක් සමග පැමිණි සැකකරුවන් තිදෙනෙකු එම ස්ථානයට කඩා පැන ජංගම දුරකතනයෙන් වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහරින ලෙස තර්ජනය කර බියගැන්වීමක් කළ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඊට බිය වූ වෛද්‍යවරයා ඔන්ලයින් මාර්ගයෙන් කොල්ලකරුවන් ලබා දුන් ගිණුමට රුපියල් ලක්ෂ දහයක මුදලක් බැර කළ බවත් සන්තකයේ තිබූ පහළොස්දහසක මුදලක් ලබා දුන් බවද බම්බලපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිලිකරු මෙලෙස පැයක පමණ කාලයක් සැකකරුවන් සන්තකයේ තබා ගැනීමෙන් පසු මුදා හැරි විගස නීතිඥවරයෙකු සමඟ බම්බලපිටිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ බවත් එම පැමිණිල්ල ලැබූ විගස ක්‍රියාත්මක වූ බම්බලපිටිය පොලිසිය එම ස්ථානයට යන අවස්ථාවේදී එම ස්ථානයේ කිසිදු පුද්ගලයකු දක්නට නොලැබුණු බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
(කල්පනි අබේසිංහ)
0 Comments