Ranil-Dinesh-Tiran-Susil-and-Amaraweera-get-cabinet-approval-for-minor-medicines-but-CID-evades-them

ප්‍රමි­ති­යෙන් තොර බාල බෙහෙත් ගෙන්වීම සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න­ගත කැබි­නට් පත්‍රි­කා­වට අනු­මැ­තිය ලබා­දුන් බව කියන එව­කට හිටපු කැබි­නට් මණ්ඩ­ලයේ ඇමැ­ති­ව­රු­න්ගෙන් ප්‍රකාශ ලබා ගැනී­මට අධි­ක­ර­ණය කර තිබූ නියෝ­ග­යට අනුව මෙතෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ප්‍රකාශ ලබා නොදුන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, හිටපු අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, හිටපු ඇමැති ටිරාන් අලස්, හිටපු ඇමැති සුසිල් ප්‍රේම­ජ­යන්ත, හිටපු ඇමැති මහින්ද අම­ර­වීර යන මහ­ත්ව­රු­න්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම වීර­සිංහ මහ­ත්මිය ඊයේ (29) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළාය.

ඇමැ­ති­වරු ලබා දුන් ප්‍රකාශ මඟින් එම ප්‍රකා­ශ­වල ඇති පොදු කරුණු සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මහ­ත්මිය අධි­ක­ර­ණය ඉදි­රියේ කරුණු මෙසේ පවසා සිටි­යාය . 'හිටපු කැබි­නට් ඇමැති ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා, නිමල් සිරි­පාල ද සිල්වා මහතා, ඩග්ලස් දේවා­නන්ද මහතා ඉදි­රි­පත් කළ කරුණු මඟින් කැබි­නට් පත්‍රි­කා­වක් ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී­මේදී ඇමැ­ති­ව­රයා සහ එහි වග­කීම පිළි­බ­ඳව පැහැ­දිලි කරුණු ඉදි­රි­පත් කළා.

එහිදී සෑම අමා­ත්‍යාං­ශ­ය­කම ලේක­ම්ව­රයා ප්‍රධාන ගණන් තැබීමේ නිල­ධා­රියා වන බවත් ඒ අනුව යම් අව­ස්ථා­වක අමා­ත්‍යාං­ශ­යක කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර එම­ඟින් අමා­ත්‍යාං­ශයේ මුදල් විය­දම් කිරීම සම්බ­න්ධ­යෙන් අව­ශ්‍ය­තා­වක් පැන නැඟු­න­හොත් ලේක­ම්ව­රයා එම අමා­ත්‍යාං­ශයේ සිටින අනෙ­කුත් අති­රේක ලේක­ම්වරු සහ වග­කි­ව­යුතු නිල­ධා­රි­න්ගෙන් තොර­තුරු ලබා ගෙන කැබි­නට් පත්‍රි­කාව තහ­වුරු කිරී­මට අවශ්‍ය වන ඇමු­ණුම් ලේඛන ඉදි­රි­පත් කර­මින් විෂය භාර ඇමැ­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කළ­යුතු බවත් පසුව විෂය භාර ඇමැ­ති­ව­රයා එය අධ්‍ය­ය­නය කොට එහි කරුණු සම්බ­න්ධ­යෙන් සෑහී­ම­කට පත් වන්නේ නම් පම­ණක් කැබි­නට් සංදේ­ශ­ය­කට ඇමැ­ති­ව­රයා අත්සන් තබා එම කැබි­නට් සන්දේ­ශය ඉදි­රි­පත් කිරීම සඳහා කැබි­නට් ඇමැති ලේක­ම්ව­රයා වෙත ඉදි­රි­පත් කළ යුතු බව එම ප්‍රකා­ශ­ව­ලින් අනා­ව­ර­ණය වුණා.'



‘තවද මෙම නඩු­වට අදාළ ප්‍රශ්න­ගත කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ රටේ පැවති උග්‍ර ආර්ථික අව­පා­තය හේතු­කො­ට­ගෙන අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ පිළි­බ­ඳව හිඟ­ක­මක් තිබූ බවට හිටපු කැබි­නට් අමාත්‍ය මණ්ඩ­ලයේ ඇමැ­ති­වරු විශ්වාස කළ බවත් ඒ අනුව මෙම කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ දී කැබි­නට් පත්‍රි­කාවේ ඒ පිළි­බ­ඳව කරුණු ඉදි­රි­පත් කර තිබූ බවත් අනු­මැ­තිය ලබා නොදු­න­හොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා­වැ­ටී­ම­කට ලක්වන බවට ඒ අව­ස්ථාවේ අමාත්‍ය මණ්ඩ­ලයේ විශේෂ අව­ධා­න­යක් යොමු කළ බවත් එය අනුව අදාළ කැබි­නට් පත්‍රි­කාවේ හදිසි මිලදී ගැනී­මක් ලෙස මිලදී ගත යුතු ඖෂධ මොන­වාද කියා විස්ත­රා­ත්ම­කව සඳ­හන් වී නොති­බු­ණත් එය අමා­ත්‍ය­ව­රයා විසින් එනම් මෙම නඩුවේ අට­වන සැක­කරු වන කෙහෙ­ළිය රඹු­ක්වැල්ල විසින් ඉදි­රි­පත් කරන ලද කරුණු සැල­කි­ල්ලට ගෙන එම කරුණු සත්‍ය ලෙස විශ්වාස කොට රටේ ඒ වෙලාවේ පැවති අව­ශ්‍ය­තා­වක් අනුව සලකා එම කැබි­නට් පත්‍රි­කා­වට අනු­මැ­තිය ලබා දුන් බව හිටපු කැබි­නට් මණ්ඩ­ලයේ අමා­ත්‍ය­ව­රුන් ලබා­දුන් සියලු ප්‍රකා­ශ­ව­ලින් පිළි­ගෙන තිබෙ­නවා’ යැයි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙ‍ෙණ­විය අධි­ක­ර­ණය ඉදි­රියේ තව­දු­ර­ටත් කරුණු දක්ව­මින් පවසා සිටි­යාය.



තව­දු­ර­ටත් හිටපු අමා­ත්‍ය­ව­රු­න්ගෙන් කරන ලද ප්‍රශ්න­කි­රී­ම්ව­ලින් ඔවුන් පවසා සිටියේ හිඟ ඖෂධ 187 හා ශූන්‍ය ඖෂධ 17 මොන­වාද යන්න පිළි­බ­ඳව කැබි­නට් පත්‍රි­කාවේ නොතිබූ බවත් 8 වන සැක­කරු මත ඇති විශ්වා­සය හේතු­වෙන් මෙම කැබි­නට් පත්‍රි­කා­වට අනු­මැ­තිය ලබා­දුන් බව අධි­ක­ර­ණය ඉදි­රියේ කරුණු දක්ව­මින් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙ‍ෙණ­විය පවසා සිටි­යාය. මෙම කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කළ යුතුව ඇත්තේ 2022 සැප්තැ­ම්බර් 26 දින විය­යුතු නමුත් 8වන සැක­කරු විසින් 2022 ඔක්තෝ­ම්බර් 03 දින වන මෙම ඖෂධ ගෙන්වීමේ අනු­මැ­තිය ඉල්ලා ඇති බවත් ඒ වන විට එම ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩ­රය ප්‍රසිද්ධ කොට වසා තබා තිබූ බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වෙන බව නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙ‍ෙණ­විය අධි­ක­ර­ණය ඉදි­රියේ කරුණු ප්‍රකාශ කළාය.

ලංකාවේ ප්‍රථම වතා­වට ලියා­ප­දිංචි සහ­ති­ක­යක් හෝ ඖෂධ නියා­මන අධි­කා­රියේ ලියා­ප­දිං­චිය මුදා හැරීමේ කොන්දේ­සි­යට යටත්ව නොමැති සැප­යු­ම්ක­රු­වෙ­කුට මෙම ඖෂධ ගෙන්වී­මට භාර දී ඇති බවත් තව­දු­ර­ටත් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙණ­විය අධි­ක­ර­ණ­යට කරුණු පවසා සිටි­යාය. ඊයේ දින මෙම නඩුවේ සියලු සැක­ක­රු­වන් අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­යේය. ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය පළමු සැක­කරු සම්බ­න්ධ­යෙන් නඩුව නැවත දෙසැ­ම්බර් 13 දින සහ අනෙ­කුත් සියලු සැක­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් නඩුව පෙබ­ර­වාරි 21 දින කැඳ­වී­මට නියෝග කළාය.