ශ්‍රි ලංකාවේ මහා මාර්ගවල ධාවනය කළ නොහැකි අධි බලැති එන්ජින් ධාරිතාවයකින් යුත් (සී.සී.1000) යතුරු පැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙක් ගාල්ල පොලිසියේ විශේෂ යතුරු පැදි ඒකකය විසින් යතුරු පැදියද සමඟ ඊයේ ( 22 ) රත්ගමදි අත්අඩංගුවට ගනු ලැබුවේය.
මෙසේ අත්අංඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව පදිංචි තරුණයකු වන අතර ඔහු හික්කඩුව සිට ගාල්ල දෙසට මෙම අධි බලැති යතුරු පැදිය ධාවනය කරමින් සිටියදි පොලිස් නිලධාරින් රත්ගමදි නවතා පරික්ෂා කර ඇත. එහිදි අනාවරණයවි ඇත්තේ මෙය මෙරට ධාවනය කල නොහැකි අධි බලැති එන්ජින් ධාරිතාවයකින් යුතු එකක්වන අතර ලියා පදිංචි කර නැති බවය.එහෙත් ව්‍යාජ අංක තහඩුවක් සවිකරගෙන ධාවනය කර ඇති බවද අනාවරණයව ඇත.
විශේෂ යතුරු පැදි ඒකකයේ උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් යතුරු පැදිය සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
(එස් දීයගහගේ)
0 Comments