උතුරු නයිජීරියාවේ නයිජර් ගඟේ සිදුවූ දැවැන්ත බෝට්ටු අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 100 කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටිති. මෙම අනතුර සිදුවී ඇත්තේ නොවැම්බර් 29 වන සිකුරාදා දිනයි. අනතුර සිදුවන විට, මගීන් 200 ක් පමණ බෝට්ටුවේ ගමන් කරමින් සිටි බව පැවසේ. පිරිස කොගි ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තයේ ආහාර වෙළඳපොලක් වෙත ගමන් කරමින් සිටියදී අනතුරට ලක්විය.
මගීන්ගෙන් බහුතරයක් කාන්තාවන් විය.
බෝට්ටුව පෙරළී යාමෙන් පසු සිකුරාදා සවස වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් මෘත දේහ 27 ක් සොයාගෙන ඇති නමුත්, පැය 12 කට වැඩි කාලයක් සෙවීමෙන් පසුවත් කිසිදු දිවි ගලවා ගත් අයෙකු හමු වී නොමැත.ඒ අනුව බෝට්ටුවේ ගිය දෙසීයක පිරිසම මරණයට පත්වන්නට ඇතැයි සැක කෙරේ.
වාර්තා වන අන්දමට බෝට්ටුව අධික ලෙස පැටවුම් කර තිබී ඇත. නයිජීරියාවේ ප්‍රමාණවත් මාර්ග යටිතල පහසුකම් නොමැති වීම නිසා ජනතාව බහුලව ජල ප්‍රවාහනය මත යැපීමට සිදුව ඇත.
මගීන් කිසිවෙකු ජීවිත ආරක්ෂක ජැකට් පැළඳ නොසිටි අතර, එය මරණ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතු වී ඇත.
බෝට්ටුව පෙරළුණු ස්ථානය සොයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු අභියෝග රැසකට ගලවා ගැනීමේ කටයුතු මුහුණ දී ඇත. ප්‍රාදේශීය කිමිදුම්කරුවන් අතුරුදහන් වූවන් සොයා ගැනීමේ මෙහෙයුම් දිගටම කරගෙන යන අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියට යත්ම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.
0 Comments