sunil-kumara-gamage-speaks

දේශ­පා­ලන භේද අම­ත­ක­කොට වැඩ කළත්, මේ රටේ ඇතැම් පිරිස් සිදු කළ හොර­කම්, වංචා, දූෂණ අම­තක කළ නොහැකි යැයි ක්‍රීඩා හා තරුණ කට­යුතු ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පව­සයි. තම රජයේ අර­මුණ මානව දයා­වෙන් පිරි සමා­ජ­යක් ගොඩ­නැ­ඟීම බවත්, ඒ සඳහා වංචා­වෙන් හා දූෂ­ණ­යෙන් තොර රටක් බිහි කළ යුතු බවත් ක්‍රීඩා ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.‍



ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ සුග­ත­දාස ක්‍රීඩා සංකීර්ණ අධි­කා­රියේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට ඊයේ පෙර­ව­රුවේ එක්වෙ­මිනි. ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න, තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර යන මහ­ත්ව­රුද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

“ඔබේ ආය­ත­නය තුළ වංචා, දූෂණ සිදු වෙනවා නම් කෙළින්ම අපිට කියන්න පුළු­වන්. මෙයට කලින් එසේ කීමට ඔබට නොහැකි වුණා. ඒ අමා­ත්‍ය­ව­ර­යාගේ සිට ඉහළ නිල­ධා­රීන් කොතැ­නක හෝ සම්බ­න්ධ­යක් තිබුණ නිසා. දැන් එහෙම නෑ. භය වෙන්න එපා. අප සමඟ එකතු වෙන්න. දේශ­පා­ල­නය, පක්ෂ භේද, මෙතෙක් සිදුවූ සුළු සුළු අඩු­පාඩු අම­තක කරලා වැඩ පටන් ගමු. හැබැයි සිදු කළ හොර­කම්, වංචා, දූෂණ අම­තක කරන්න බෑ” ඇමැ­ති­ව­රයා පැව­සීය.

“ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු අපේ රජයේ අර­මුණ ජාති­වාදී, ආග­ම්වාදී භේද නැති සමා­ජ­යක් ගොඩ­නඟා රට දියුණු කිරී­මයි. ජාතික සම­ඟිය අපේ ප්‍රමුඛ කාර්ය­යක්. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ජාතික සැල­සු­ම­කට අනුව අපි වැඩ ආරම්භ කළ යුතුයි.”



“වර්ත­මාන තරුණ පර­පුර මත්ද්‍ර­ව­ලින් මුදා ගත යුතුයි. ඒ වගේම මේ රට දාලා පිට­රට යන එක නවත්වා ගැනී­මත් කළ යුතුයි. තරුණ පර­පුරේ රැකියා සුර­ක්ෂි­ත­භා­වය රැක­දී­මට අපි කට­යුතු කර­නවා. ඒ සඳහා සුග­ත­දාස ක්‍රීඩා සංකීර්ණ අධි­කා­රි­යට මහඟු මෙහෙ­යක් ඉටු කළ හැකි බව මගේ විශ්වා­ස­යයි. ජය­ග්‍ර­හණ ලබන ක්‍රීඩා වැඩි­දි­යුණු කිරීම වගේම ජය­ග්‍ර­හණ නොමැති ක්‍රීඩා ජය­ග්‍ර­හණ කරා ගෙන යාම කළ යුතුයි. ජය පරා­ජය දෙකම හුරු ගුණා­ත්මක ක්‍රීඩ­ක­යෙක් බිහි­කි­රීම වැද­ගත්” ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.



සුග­ත­දාස ක්‍රීඩා සංකීර්ණ අධි­කා­රිය යටතේ පාල­නය වන සුග­ත­දාස ක්‍රීඩා සංකීර්ණ පරී­ශ්‍රයේ පර්චස් 73ක කොට­සක් ගැසට් පත්‍ර­යක් මඟින් පෞද්ග­ලික හිමි­ක­රු­වෙක් වෙත පවරා දීම, දේශ­පා­ලන නියෝ­ග­ය­කට අනුව පවරා දුන් නුව­ර­එ­ළිය තුරඟ තරග පිටිය, අධි­කා­රිය වෙත අය විය යුතු ලක්ෂ 70ක පමණ හිඟ මුදල් නොගෙ­වන ආය­තන පිළි­බඳ ඇමැ­ති­ව­ර­යාගේ අව­ධා­නය යොමු විය. ඒමෙන්ම සුග­ත­දාස ක්‍රීඩා සංකීර්ණ අධි­කා­රිය යටතේ ඇති ක්‍රීඩාං­ග­ණය, පිහි­නුම් තටාක හා ක්‍රීඩා හෝට­ලය සංව­ර්ධ­නය කිරීම කෙරෙහි ද අව­ධා­නය යොමු විය.

මේ අව­ස්ථා­වට අමා­ත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර, සුග­ත­දාස ක්‍රීඩා සංකීර්ණ අධි­කා­රියේ සභා­පති ගාමිණී වික්‍ර­ම­පාල හා එහි අධ්‍යක්ෂ එච්.එම්.සී.බී. හේරත් යන මහ­ත්වරු ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් එක්ව සිටි­යහ.
(ප්‍රින්ස් ගුණ­සේ­කර)