wadduwa-incident

සිල්ලර වෙළෙ­ඳ­සලේ හිමි­කා­රි­නි­යක වෙළෙ­ඳ­සල තුළම හදි­සි­යේම පෙරේදා (27) දින මිය­යාම සම්බ­න්ධ­යෙන් වාද්දුව පොලී­සිය විසින් පරී­ක්ෂණ ආරම්භ කර ඇත.

මෙහි දී මිය­ගොස් ඇත්තේ වාද්දුව පොලිස් වස­මට අයත් දකුණු තල්පි­ටිය දළ­දා­වත්ත පාර පදිංචි වයස අවු­රුදු 60 පමණ වන බෝපි­ටි­යගේ දොන් යමුනා ගීතානි මහ­ත්මිය වන අතර, ඇය එම ස්ථානයේ සිල්ලර බඩු වෙළෙ­ඳ­ස­ලක් පව­ත්වා­ගෙන යන අයෙකි. ඇය එම වෙළෙ­ඳ­සල ඇතු­ළ­තින් අගු­ළුලා දින දෙකක් පමණ වසා ඇති බවට වාද්දුව පොලී­සි­යට ලද තොර­තු­රක් මත පොලිස් නිල­ධා­රින් පැමිණ පරීක්ෂා කිරි­මේදී,



ඇය වෙළෙ­ඳ­සල තුළ මිය­ගොස් ඇති බවට අනා­ව­ර­ණය වී ඇත. ඉහත කාන්තාව අස­නීප තත්ත්ව­යෙන් සිට ඇති බවට අනා­ව­ර­ණය වී ඇති අතර පිට­තින් පෙනී­මට තුවාල කිසි­වක් නොමැති බවත්, මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට වාර්තා කර වැඩි­දු­ර­ටත් විම­ර්ශන කට­යුතු වාද්දුව පොලිස් ස්ථානය මඟින් සිදු කිරී­මට නිය­මි­තව ඇති අතර, මර­ණ­යට හේතු­වක් මෙතෙක් අනා­ව­ර­ණය වී නොමැති බව වාද්දුව පොලී­සිය පව­සයි. පාන­දුර කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රින් සහ පාන­දුර අති­රේක මහේ­ස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ස්ථානය පරීක්ෂා කරන ලදි.

වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු වාද්දුව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චාමින්ද පෙරේරා මහ­තාගෙ උප­දෙස් පරිදි සිදු කරනු ලබයි.
(සුමිත් ප්‍රේම­ති­ලක)