වයස අවුරුදු 10ක් වූ දියණියට අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේ කුලී නිවැසියාට යකඩ පොල්ලකින් පහර දුන් බව කියන නිවෙස් හිමියා වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිපැන්න, ලෙව්වන්දූව, විතානගෙවත්තේ පදිංචි 43 හැවිරිදි තුඩුගලගේ දොන් සංජීව යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. තමා ඉකුත් 26 වැනිදා උදේ 6.30ට පමණ කුඹුරු වැඩට ගිය බවත්, 10 හැවිරිදි දියණිය නිෙවසේ සිටියදී බිරිය වැඩිමහල් දියණියට දිවා ආහාරය සකස් කරගෙන ඇය සේවය කරන ලෙව්වන්දූවේ වෙළෙඳසලට ගොස් ඇති බවත්, ඒ අතරතුර නිවෙස් හිමියා පැමිණ 10 හැවිරිදි දියණියගේ අතින් ඇද කරදර කිරීමට උත්සාහ කර ඇති බවත් ඔහු පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
තමා කුඹුරු වැඩට ගොස් සවස 5.00ට පමණ ආ පසු බිරිය මේ ගැන කී අතර ඒ ගැන විමසීමට තමා බිරිය සමඟ
නිවෙස් හිමියාගේ නිෙවසට ගිය අවස්ථාවේදී ඔහු යකඩ පොල්ලකින් පහරදී හිස තුවාල කළ බවත් ඔහු කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
අතවරයට ලක්වූ බව කියන දැරිය විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ඊයේ (28) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
(කළුතර - සුනිල් ස්ටැන්ලි)
0 Comments