ඊයේ සවස පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්වයට මුල්වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මංපිල දේශපාලන පලිගැනීමක් නිසා සිරගත කළාය කියමින් දිනේශ් ගුණවර්ධන ප‍්‍රමුඛ මන්ත‍්‍රීරුන් විරෝධය පළ කිරීමත් එයට ප‍්‍රතිචාර ලෙස අගමැති රනිල් , සරත් ෆොන්සේකා ඇමතිවරයා ලවා පලිගැනීම් සාධාරණය කරවමින් පවත්වන ලද කතාවත්ය.
ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට කළ මුදල් වංචාවක් නිසා
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින උදය ගම්මංපිල
අගමැතිවරයා සිය කතාවේදී මේ වෙලාවේ උදය ගම්මංපිල මැතිතුමා සභාවේ ඉන්නව නේද ඇයි මේ විදිහට ඔහුට වරප‍්‍රසාද අහිමි කළා කියල වෙන අය චෝදනා කරන්නේ යයි ඇසූ නමුත් ඔහුව එතැනට කැඳවන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර සවස 3.45 ට පමණ ටික වේලාවකට ඔහු පාර්ලිමේන්තු සභාගැබට පැමිණ යළි පිටවූ බව වාර්තා වුණා.
ඔහු ඊයේ සවස පාර්ලිමේන්තුවට පැමිණ ගොස් තිබුනේ බන්ධනාගාර බස් රථයකිනි. උණුසුම් තත්වය ඇතිවුණ වෙලාවේ වීඩියෝව පහතින්