වැලිකඩ පොලිසියේ යකා නැටූ
දොස්තර අක්කයි නීතීඥ නංගියි අත්අඩංගුවට
සොරකමක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරන ලෙස ඉල්ලමින් රාජගිරිය වැලිකඩ පොලිසියට පැමිණි වෛද්‍යවරියක හා ඇගේ සොයුරිය බව කියන නීතීඥවරියක පොලිස් නිලධාරීන් හා ආරවුලක පැටලී කාන්තා පොලිස් නිලධාරිනියන්ට පහරදෙන්නට යාමේ සිද්ධියක් නිසා එම දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබෙනවා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
මෙම දෙදෙනාගෙන් වැඩිමල් සොයුරිය වන වෛද්‍යවරියට අයත් රාජගිරිය ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසට මින් වසර 6 කට පමණ පෙර 2010 වසරේ හොරු පැන ඇත. ඒ ගැන වැලිකඩ පොලිසියට ඒ දිනවල වෛද්‍යවරිය පැමිණිලි කළ පසුව
පොලිසිය එම සොරා අල්ලාගන්නට සමත්ව ඇති නමුත් උසාවියට සොරා යොමු කර හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන වේලාවන්වල වෛද්‍යවරිය කාර්ය බහුල යයි පවසමින් නොපැමිණීම නිසා එම නඩුව මගහැරී සොරා නිදහස්වී ඇත. යළිත් 2012 වසරේදීද එම සොරා කොටුවී සිටි අවස්ථාවක වෛද්‍යවරියට පොලිසිය කළ දැනුම්දීම මත සොරාව වරදට හසුකර
මේ සිද්ධි සිදුවී කාලයක් ගතවූ පසුව හදිසියේ ඒ කාරණාව ගැන යළිත් උවමනාවක් මතුවී වෛද්‍යවරිය සිය නීතීඥ සොයුරියද සමග වැලිකඩ පොලිසියට පැමිණ ඇත්තේ පෙර වරදට හසුවූ පුද්ගලයා නැවත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලන්නටය.
පොලිසිය එම අවස්ථාවේ පිළිතුරු වශයෙන් දන්වා ඇත්තේ එම වරදට උසාවි ක්‍රියාමාර්ගය ලබාගෙන අවසන්ව ඇති නිසා නැවතත් අත්අඩංගුවට ගන්නට නීතියෙන් හැකියාවක් නැති බවයි.
වැලිකඩ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මේ කාරණාව නැවත නැවතත් දැන්වූවත් එය පිළිගන්නට එම දෙදෙනා අකමැතිවූ අතර පැය තුනකට ආසන්න කාලයක් පොලිසියේ රැඳී සිටිමින් මහ හඬ නගා බෙරිහන් දෙමින් කලබල ඇතිකර තිබුණා. මේ අවස්ථාවේ කෝපය ඉහවහාගිය ඔවුන් අසභ්‍ය වචන වලින් පවා පොලිසියේ උසස් නිලධාරීන්ට බැණ වදිමින් යකා නැටූ බව වාර්තා වුණා. එවිට ඔවුන් ඉවත් කරන්නට කාන්තා පොලිස් නිලධාරීනියන් දැරූ ප්රයත්නයේදී එම නිලධාරීනියන්ට අතින් පයින් පහරදෙන්නටද ඔවුන් කටයුතු කර තිබුණා.
අවසානයේ ස්ථානාධිපතිවරයා ඔවුන් අත්ඩඅංගුවට ගන්නට තීරණය කර ඇත්තේ පොලිසියේ කටයුතු වලට බාධා පැමිණවීමේ චෝදනාව මතයි.
සවස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 5 බැගින්වූ ඇප මත වෛද්‍යවරිය හා නීතීඥවරිය නිදහස් කර තිබේ.
වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.