පසුගියදා රජය පැනවූ වැට් බදු සංශෝධනය නිසා පුද්ගලික රෝහල් වලින් ප‍්‍රතිකාර ගන්නා රෝගී ජනතාව අසීරුවට පත්වූ බවට දැඩි විවේචනයක් එල්ල වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අයගේ රෝහල් බිල් පවා හුවමාරු වූ අතර ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන්
රජයට බොහෝ අය බැණ වැදුණා.

මේ දක්වා නිහඬ පිළිවෙතක සිටි රජය ඊයේ දන්වා සිටියේ ඉදිරියට පුද්ගලික රෝහල් වල ගාස්තු වලින් වැට් බදු ඉවත් කරන බවයි. මේ ගැන තීරණය දැනුම්දුන් කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කියා සිටියේ ජනතාවගේ විවේචන සලකා මේ තීරණය ලබාගත් බවයි.
 ඕ අනුව පුද්ගලික රෝහල් වල බාහිර ප‍්‍රතිකාර, එම ඖෂධ,වෛද්‍ය පරීක්ෂණ,චැනල් සේවා ඇතුළු සියලූම ගාස්තු වලින් වැට් ගාස්තු ඉවත් කර තිබේ.