රඟපෑම් ගැන විමසා
අගමැතිගෙන් රන්ජන්ට ඇමතුමක්
පසුගියදා කෝට්ටේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අසළ වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයාට අයත් වාහනයක් අත්හැර ගිය එකක් ලෙස නම් කරමින් මාධ්‍ය කැඳවා එය අසළ සිට දුරකථන ඇමතුම් ලබාගනිමින් කථා පවත්වමින් රන්ජන් රාමනායක සිදු කළ කටයුත්ත අද පාර්ලිමේන්තුවේදී හාස්‍යය ජනිත කරවන එකක් ලෙස
මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය ආසන්නයේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිනමා පටයක වෙඩි තැබීමේ දර්ශනයකට අදාළව පුහුණුවීම් වල නිරත වෙන බවට එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් නගමින් මේ ගැන කරුණු කියා සිටියා.
එයට පිළිතුරක් සැපයූ අගමැති රනිල් වික්‍රමසිංහ එය ඔහු හැඳින්වූ ආකාරයෙන්ම හැඳින්වූ අතර තමා අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට කතා කළ බවත් එම පුහුණුවීම නැවත්වීමට උපදෙස් දුන් බවත් අගමැතිවරයා සඳහන් කළේය.
උදයශාන්ත මන්ත්‍රීවරයා පැවැසුවේ මන්ත්‍රී නිවාස සංකිර්ණයේ ළමුන්ද සිටින හෙයින් මෙවැනි දර්ශන දුටු විට ඔවුන් බියට පත්විය හැකි බවයි. ඒ අවස්ථාවේ සභාවේ සියල්ලන් සිනාසිණි.
මෙම ඉදිරිපත් කිරීම නිසා මේ වනවිට මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා නි.ඇමති රන්ජන් රාමනායකට හා ආනන්ද අලූත්ගමගේට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන්නට කටයුතු සිදු කර ඇත.