අද (21) සවස කොළඹ මහජන පුස්තකාලයේ ආරම්භවූ ‘ජනවාරි 8 පැතූ යහපාලනය මේකද’ මැයෙන් වූ මහජන සභාවේදී කලබලකාරී තත්වයක් ආරම්භයේදීම උද්ගතවූ බව වාර්තා වුණා.
මහාචාර්ය සරත් විජේසූරිය ප‍්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ
ව්‍යාපාරය

මෙම රැස්වීම පවත්වන්නට යෙදුනේ වත්මන් රජය පිහිටුවීමට දායකවූ ඔවුන්ට අපේක්ෂා භංග තත්වයක් ඇතිවූ බව කියන්නටත් රජය පිහිටුවන්නට මුල්වූ හේතු නැවත මතක් කර දෙන්නටත්ය.
රැස්වීම ආරම්භයේදී මෙම ව්‍යාපාරයේ ආරම්භකයාවූ අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ගෞරව දැක්වීමේ අවස්ථාවක් හෝ නිහඬතාවයක් නොපැවැත්වීම මෙම කලබලකාරී තත්වයට හේතු විය.
මෙහිදී පේ‍්‍රක්ෂකාගාරයේ සිටි විවිධ පිරිස් සිය විරෝධය පවසද්දී විද්වත් මණ්ඩලය තමන්ට එවැන්නක් අමතක නොවූ බව පැවසූ නමුත් පේ‍්‍රක්ෂකයින් එය පිළිනොගෙන වාද කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිව තිබේ.