ප‍්‍රකට මළල ක‍්‍රීඩා ශූරී සුසන්තිකා ජයසිංහ අද උදෑසන තුවාල සහිතව ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇය මේ ආකාරයට තුවාල ලබා ඇත්තේ ඇගේ සැමියාගේ පහරකෑමට ලක්වීම නිසා බව රෝහල් පොලිසිය දැනුවත්වීමෙන් අනතුරුව ඇගේ සැමියා වන ධම්මික නන්ද කුමාර මහතාව


වැලිවේරිය පොලිසිය මගින් සැකපිට

අත්අඩංගුවට ගෙන ඇත.
මින් ඉහත 2011 වසරේදීද මේ ආකාරයටම සුසන්තිකා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක් විය. 2011 අපේ‍්‍රල් මස සුසන්තිකාට පහරදීමේ සිදුවීමක් නිසා සැමියා පොලිසිය අත්අඩංගුවට පත්වූ පුවතක් හොරණ ප‍්‍රදේශයේ ඔවුන් වාසය කරමින් සිටියදීද වාර්තා විය. එහිදී සැමියා ඇප මත නිදහස් කර තිබුනේ දැඩි අවවාද ලබාදීමෙන් අනතුරුවයි.
සුසන්තිකා දෙදරු මවක වන අතර ඇගේ සැමියාද ඇගේ පුහුණුකරු ලෙස කලක් සේවය කළ මළල ක‍්‍රීඩකයෙකි.

සුසන්තිකාට සැමියා පහරදීම පිළිබඳ පෙර ගොසිප් ලංකා වාර්තාව මෙතැනින්