මවට අනියම් සබඳතා රැසක්
ඝාතක තරුණයාටත් තෙමස් දරුවෙක්
දරුවා දෙවරක් වළදාලා
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී අනියම් සැමියාගේ කොසුමිටි ප්‍රහාරයකින් ඝාතනයවූ දරුවා සම්බන්ධ සිද්ධිය ගැන සිදුවන පොලිස් පරීක්ෂණවලදී තවත් අලූත් කරුණු රැසක් අනාවරණයවී තිබෙනවා.
කොසු මිට පහරින් මරාදැමුණු මිනුල් දෙව්තිස් දෙහැවිරිදි දරුවාගේ මව අනියම් සබඳතා රාශියක් නිසා ජීවිතය අවුල් කරගත් තැනැත්තියක වූ අතර ඇගේ කසාදයෙන් තවත් අවුරුදු 6 ක පිරිමි දරුවෙකුද ලැබී ඇත. බදුල්ල ප්‍රදේශයේ වසන ඇගේ පළමු සැමියා එම දරුවා රැකබලාගනිද්දී තහනම් පෙම් සබඳතා නිසා ආරවුල් ඇති කරගත් දිලානි නමැති මෙම කාන්තාව ඔවුන් හැරදා පැමිණ ඇත්තේ බාල දරුවා සමගිනි.
ඇය මහියංගණය ප්‍රදේශයේ අයිස්ක්‍රීම් විකුණන පුද්ගලයෙකු සමග තවත් අනියම් ඇසුරක් පවත්වා තිබෙන අතර දරුවාද රැගෙන ගිය ඇය ඔහු සමග කාලයක් ගත කර ඔහුවද හැර දමා වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවයට පැමිණ ඇත. එසේ සිටියදී එම ඇඟලූම්
කම්හලේ සුපර්වයිසර් වරයෙකු ලෙස සේවය කළ විමුක්ති නමැති මේ තරුණයා සමග සම්බන්ධය අරඹා ඇත.
හමුදා සේවයේ යෙදී සිටි විමුක්ති පසුව හමුදා රගර් ක්‍රීඩකයෙකු ලෙසද ක්‍රීඩාකර ඇති අයෙකි. පසුව මෙම ඇඟලූම් කම්හලේ සේවයට පැමිණි පසුව දිලානි දැනහඳුනාගන්නට ලැබී ඇත.ඔහු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිය ගැබිනියකව සිටි සමයේ දිලානි සමග අනියම් ඇසුර ඇති කරගත් ඔහු සිද්ධිය සිදුවූ කුලී නිවස දිලානිට ලබාදී ඇත්තේ මාසික කුලියවූ රුපියල් 4000 ක් මාස්පතා ගෙවමිනි.
ඔහු ඇයට උදව් කරන අතරවාරයේ එම නිවසේ වරින්වර නවතින්ට කටයුතු කර තිබුණ අතර ඔහුගේ සැබෑ බිරියට දරුවා ලැබී තවම මාස 3 කි.
අතුරුගිරිය නවාතැනේදී මිනීමැරුම සිදු කර දරුවා වළදැමීමට ගිය පසුව ඇයට එම නිවසේ ඉන්නට අපහසු බව කියා සිටීමෙන් පසු ඇය කොට්ටාවේ අලූත් නවාතැනකට ගොස් තිබුණ අතර මෙම අනියම් සබඳතාවයද සති තුනකින් පමණ නිමාවට පත්ව ඇත.
සැමියාට මිස් කෝල් එකක් ගසමින් නැවත පරණ තැනටම යන්නට මේ කාන්තාවට අදහස පහළවී ඇත්තේ ඉන් පසුය. නමුත් දරුවා ගැන ඇත්ත විස්තරය සඟවා එය කළ නොහැකි වීමෙන් ඇය කොටුවිය. ඇය දරුවා ගැන කියන තොරතුරු අති භයානක සැක සහිත ඒවා වූ නිසා බදුල්ලේ සිටි සැමියා ඒ ගැන පරීක්ෂණ කරන්නට පොලිසියට භාරදී තිබුණි.
මීගොඩ, ඕවිටිගම, නාගහවත්ත ප්‍රදේශයේ දරුවා මරා සැඟවූ බව ඇය කී නිසා ඇය මුලින් කී ස්ථානය හාරා බලන්නට පොලිසිය මුලින් ක්‍රියා කළත් මළ සිරුර හමුවුනේ නැත.
නමුත් ඇයගෙන් යළි විමසීමේදී කියා තිබුනේ ඇය කී තැන මුලින් වළ දැමුවත් සිරුර වළ දමා දවසකට පසු එම තැන බලන්නට ගිය අවස්ථාවේදී ඒ දිනවල පැවති ගංවතුර ආශ්රිත වැසි සහිත කාලගුණය නිසා සිරුර පාවෙමින් පැවති බවයි. ඒ නිසා දෙවැනි දවසේ එම වත්තේම තවත් තැනක් හාරා සිරුර වළදමා ඇත.
මියගිය මිනුල් දෙව්තිස් දරුවාට කොසුමිට පහර වැදුණ පසු දරුවාගේ බෙල්ල කඩා වැටුණ බවත් තමා එම අවස්තාවේ අතිශය බියට පත්වූ බවත් කියා ඇති දිලානි රාත්‍රී 11.00ට පමණ විමුක්තිගේ මහගෙදර පිහිටි මීගොඩ, ඕවිටිගම, නාගහමුල්ල ප්‍රදේශයට දරුවා රැගෙන ගොස් ඇත්තේ මෘත දේහයට අලූත් ඇඳුම්
අන්දවා, සපත්තු දමා, තොප්පියක් දමා දකින කෙනෙකුට නිදා සිටි ආකාරයක් දිස්වන ලෙසයි.
වළදමන්නකට පෙර අනියම් සැමියාගේ උපදෙස පරිදි සිඟිති දරුවා නිරුවත් කොට වළදැමූ බවද ඇය කියා ඇත. දෙවැනි දවසේ දරුවාගේ මෘත දේහය මතු වී පාවෙමින් ඒ උඩින් ජලය තිබි ඇති ආකාරය දුටු නිසා ඊට යාබද පාළු ඉඩමේ වෙරළු ගසක් යට වළක් කපා එම මෘත දේහය නැවත වළ තුළ සඟවා පැමිණි බවද ඇය කියා ඇත.
මෙම ඝාතනය සිදුකළ විමුක්ති තෙමස් දරුවෙකුගේ පියකුව සිටියදී මෙම කුරිරු ක්‍රියාව සිදු කළත් ඒ සියල්ල තම බිරියගෙන්ද සඟවාගන්නට සියුම් උපායශීලීයෙකුවී ඇත. ඔහුගේ බිරිය නුගේගොඩ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකවූ බවද පැවසුණා.
කෙසේ වෙතත් දිලානිගේ සාක්ෂි මත විමුක්තිවද අත්අඩංගුවට ගැණුනු පසු සියල්ල හෙළිදරව්වී ඇත.