තම විවියන් නමැති බලූ සුරතලාගේ විවිධ ඉරියව් ඡායාරූපයට නැගූ මිච් බොයෙර් නමැති

ඡායාරූප ශිල්පියෙකු අත්හදාබැලීමක් ලෙස ඒවා ෆොටෝ ෂොප් මගින් විශාලනය කර තමා සිටින ඡායාරූප සමග එකට ඈඳා විනෝදයක් ලැබුවා.
පසුව ඒවා සමාජ මාධ්‍ය තුළ ප‍්‍රචාරය කරන්නට ඔහු නිකමට ගත් උත්සාහය අවසානයේ විශාල වෙළෙඳ වටිනාකමක් බවට පත්වුණා. ඒ ඔහු සහ විවියන් නමැති එම බලූ සුරතලාගේ ඡායාරූප ළමා පොත් හා වීඩියෝ නිර්මාණය කරන සමාගමක් විශාල මුදලකට මිලට ගන්නට යෝජනා කිරීමයි.
ඔවුන් මේ ඡායාරූප ශිල්පියා සමග ‘විවියන් ද ඩෝග්’ නැමති කතා මාලාවකට එක්වන්නටද කැමැත්ත පළකර ඇත.