සිකුරාදා රාත‍්‍රියේ සිට සෙනසුරාදා දහවල් කාලය දක්වා තුර්කියේ රජය පෙරළාදැමීම සඳහා එරට හමුදා පිරිසක් දියත් කළ කුමන්ත‍්‍රණය පරාජයට පත්විය.
මෙයින් 181 දෙනෙකු පමණ මියගිය අතර කුමන්ත‍්‍රණයට සම්බන්ධ දෙදහසකට අධික පිරිසක් එරට වැඩබලන හමුදාපතිගේ විධානයන් අනුව අත්අඩංගුවට පත්විය.
තුර්කියේ පාලනය සිදු කරන එර්ඩෝගන් ජනපතිවරයා පමණ ඉක්මවා බලය පාවිච්චි කරන ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ සාධාරණත්වය එරටින් අතුගා දමා ඇති බවත් රජයට විරුද්ධවූවන්ගේ අදහස විය.
හමුදාවේ පිරිසක් එක්වී එරට මර්මස්ථාන වටකොට බලය ඇල්ලීම උපාය විය.


සිකුරාදා සවස් කාලය වනවිට රජයට කුමන්ත‍්‍රණයේ ඉව වැටුණ පසු ෆේස් බුක් ට්විටර් හා යූ ටියුබ් අවහිර සිදු කළ අතර අවසානයේ රට පුරා අන්තර්ජාල සේවාද අඩපණ තත්වයට පත්විය. අනෙකුත් මාධ්‍ය සීමා බන්ධන සහිතව විකාශය විය.
කුමන්ත්‍රණය අතරවාරයේ මාධ්‍ය ආයතනවල පාලනය අල්ලාගත් කුමන්ත්‍රණකරුවන් තමන් රට අල්ලාගත් බවත් ඇදිරි නිතිය පනවා ඇති බවත් දන්වා සිටි අතර ජනතාව බහුතරයකට සිදුව ඇති දෙය තේරුම් ගන්නට බැරිවිය.
ජනපතිවරයා රට ඇමතූයේ ෆේස් ටයිම් නමැති සජීවී වීඩියෝ මාධ්‍යයෙනි.ඔහුගේ අදහස් පතුරන්නට විදෙස් නාලිකා උදව් කර තිබුණි.
ඉන්පසු පැය කිහිපයේදී කුමන්ත‍්‍රණය මැඩ පැවැත්වීමට විශාල පිරිසක් ඝාතනය කරන්නට රජයට පක්ෂපාතී හමුදා කොටස් ක‍්‍රියාකර ඇත. සිරියානු සරණාගතයින් විශාල වශයෙන් රැඳී සිටින තුර්කිය සිරියාවට විරුද්ධ නේටෝ සංවිධානයට අයත් රටකි. බටහිර රටවල් බලා සිටියේ තුර්කි ජනපති ජයග‍්‍රහණය කරන තුරුය.
කුමන්ත‍්‍රණය අතරවාරයේ තුර්කියේ සීඑන්එන් කාර්යාලය අල්ලාගන්නට කුමන්ත‍්‍රණ කරුවන් දැරූ උත්සාහයත් පාර්ලිමේන්තුවට එල්ල කළ ප‍්‍රහාරයත් විදෙස් මාධ්‍ය අවධානයට ලක්විය.මෙම කුමන්ත‍්‍රණය මුලසිටම අසාර්ථක එකක් වූ බවට ලක්ෂණ පෙන්නුම් කළ අතර විශාල පිරිසක් මිය ගියේ නිකරුනේ බවද කියැ වුණා.