මාලඹේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය අහෝසිකරන ලෙස ඉල්ලා දිවයින පුරා රෝහල් සඳුදා (04දා) උදෑසන 8  සිට  12 දක්වා පැය 04ක වැඩ වර්ජනයක් දියත් කරන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
මෙම කාලය තුළදී වෛද්‍යවරුන් හෙද හෙදියන් හා සුවසේවා නිලධාරීන් සියල්ල
සේවයෙන් ඉවත්වන බව

දන්වා තිබේ. කෙසේ වෙතත් සවස් කාලයේ පුද්ගලික චැනල් සේවාවන්ට මෙම වර්ජනය අදාළ නොවේ.
හෙට වර්ජනයට සහාය දැක්වීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය සහ සමස්ත ලංකා සුවසේවා සංගමය එකඟතාවයකට පැමිණි බව වර්ජනයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර  පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා.