බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සිය ධූරයෙන් හෙට (12) ඉල්ලා අස්වීමට නියමිතය.
අනතුරුව බි‍්‍රතාන්‍යයේ නව අගමැති ලෙස තෙරේසා මේ වැඩ බාර ගනු ඇත.
අගමැති කැමරන්
පසුගිය ජනමතවිචාරණයෙන් පසුව කියා සිටියේ තමන් ලබන ඔක්තෝබර් මාසයේදී

ධුරයෙන් ඉවත් වන බව වන නමුත් ඔහු මාස තුනකට පෙරම සිය තීරණය ක‍්‍රියාත්මක කර ඇත.
කැමරන් නියෝජනය කරන කන්සර්වෙටිව් පක්ෂයේ නායකත්වය සඳහා වූ ඡන්දයෙන් තේරීපත් වීමට තේරේසා මේ සමත් වූ නිසා ඇය අගමැති තනතුර සඳහා නම් කිරීමට ඩවුනින් වීදියේ අංක 10 නිවස ඉදිරිපිට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අගමැති කැමරන් පවසා සිටියේ, හෙට දිනය තමාගේ අවසන් කැබිනට් රැස්වීම වනු ඇති බවයි.
එමෙන්ම, බදාදා මහජන මන්ත‍්‍රණ මණ්ඩලයට පැමිණීමෙන් පසු, බකිංහැම් මාලිගයේදී රැජින වෙත සිය අස්වීම භාරදෙන බවද අගමැතිවරයා පවසා ඇත.